තැපැල් හැඳුනුම්පත්
එක් දින ගාස්තුව :-රු. 200.00.
හැඳුනුම්පත් කොළඹ පිහිටි තැපැල් මූලස්ථානය වෙතින් ලබාගත හැක.
අදාළ කාඩ්පත, නිකුත් කර ඇත්නම්, ඉල්ලුම් කළ තැපැල් කාර්යාලය හරහා අයදුම්කරුට එය ලබා ගැනීමට පිළිවන.
හැඳුනුම්පතක් නිකුත් කළ දින සිට වසර පහක කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. හැඳුනුම්පත දරන්නාට ඉන් පසුව එම පහසුකම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය නම්, ඔහු තම අවලංගු වූ හැඳුනුම්පත සහ තම මෑත කාලීන ඡායාරූපයක පැහැදිලි පිටපත් දෙකක් සහ නියමිත ගාස්තුව ඉදිරිපත් කරමින් නව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය. කිසි විටෙකත්, අනුපිටපත් නිකුත් නොකෙරේ.
යම් පුද්ගලයෙකු සතුව හැඳුනුම්පතක් තිබේ ද යන්න නොසලකා, තැපැල් ස්ථානාධිපතිවරයෙකුට හැඳුනුම්පත දරන්නෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය යැයි හඟින යම් වැඩිදුර විමසීම් කළ හැකි අතර එම අනන්‍යතාවය පිළිබඳ අමතර තහවුරු කළ හැකි සාක්ෂි ඉල්ලා සිටීමට ද පිළිවන.
හැඳුනුම්පතක් නැති වූ හෝ විනාශ වූ අවස්ථාවක දී, හැඳුනුම්පත දරන්නා විසින් ඒ පිළිබඳව වහාම තැපැල්පතිවරයා වෙත වාර්තා කළ යුතු ය. නැති වූ හෝ විනාශ වූ හැඳුනුම්පතක් සඳහා අනුපිටපතක් කිසිදු තත්වයක් යටතේ හෝ නිකුත් නොකරනු ලබන අතර, හැඳුනුම්පතේ කල් ඉකුත් නොවූ කාල සීමාවක් වෙනුවෙන් හැඳුනුම්පත දරන්නා හට කිසිදු ප්‍රතිදානයක් හිමි නොවේ.
යම් හැඳුනුම්පතක් පරීක්ෂා කිරීම සඳහා ආපසු කැඳවීමට සහ අනිසි ලෙස භාවිතා කිරීම, මකා දැමීම, අපවිත්‍ර කිරීම හෝ විකෘති කිරීම වැනි අවස්ථාවල දී එය රාජසන්තක කිරීමට තැපැල්පතිවරයාට අයිතිය ඇත.
හැඳුනුම්පතක් නැතිවීම හෝ අනිසි ලෙස භාවිත කිරීම කරණකොට ගෙන ඇතිවන ප්‍රතිවිපාක සඳහා තැපැල්පතිවරයා හෝ තැපැල් කාර්යාලයේ කිසිදු නිලධාරියකු වගකිව යුතු නොවන්නේ ය.
තැපැල් හැඳුනුම්පත්
තැපැල් හැඳුනුම්පතක්, ගමන් බලපත්‍රයක් හා සමාන වන අතර, එය, සිය තැපැල් කාර්යාල කටයුතු ඉටු කර ගැනීම සඳහා තම අනන්‍යතාව තහවුරු කිරීමට එම හැඳුනුම්පත දරන්නාට සහය වනු පිණිස තැපැල්පතිවරයා විසින් නිකුත් කරනු ලැබේ. හැඳුනුම්පත දරන්නා පිළිබඳ කෙටි විස්තරයක් සහ ඔහුගේ අත්සන හැඳුනුම්පතෙහි දැක්වේ. හැඳුනුම්පත දරන්නා සිය අත්සන යෙදූ හා ප්‍රධාන තැපැල් කාර්යාලය එහි දින මුද්‍රාවෙන් සනාථ කළ හැඳුනුම්පත දරන්නාගේ ඡායාරූපය, එම හැඳුනුම්පතෙහි අලවා ඇත. මෙම හැඳුනුම්පත් සංචාරකයන්ගේ, ව්‍යාපාරික ගමන් බිමන් යන්නන්ගේ සහ පොදුවේ මහ ජනතාවගේ පහසුව පිණිස සම්පාදනය කෙරේ.
පවත්නා විශ්වාසයට පටහැනිව, තැපැල් හැඳුනුම්පත තවමත් නීත්‍යානුකූල වශයෙන් වලංගු අනන්‍යතාවයක් දරන අතර ඕනෑම මූල්‍ය ගනුදෙනු හා හඳුනාගැනීම් යනාදිය සඳහා පිළිගත හැකි ය. එබඳු හැඳුනුම්පතක්, අනන්‍යතා පතක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ බව කරුණාකර වහාම තැපැල්පතිවරයා වෙත දැනුම් දෙන්න. ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම කරණකොට ගෙන තැපැල් හැඳුනුම්පත අවලංගු වී නොමැති අතර එය තවමත් රජයේ අණපනත් අඩංගු පොත්වල බලාත්මකව පවතී. ශ්‍රී ලංකා තැපෑල, නුදුරු අනාගතයේ දී නවීන වූ ද, ආරක්ෂිත වූ ද, බැරපත් (ක්‍රෙඩිට් කාඩ්) ප්‍රමාණයේ හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ක්‍රියාවලියෙහි දැනට නිරතව සිටී.
පහත දැක්වෙන කොන්දේසි සපුරාලන තැනැත්තන් වෙත හැඳුනුම්පත් නිකුත් කෙරේ :-
- අයදුම්කරු තම නම සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන එක් භාෂාවකින් අත්සන් කළ හැකි අයෙකු විය යුතු ය.
- ඕනෑම තැපැල් කාර්යාලයක් වෙතින් ලබා ගත හැකි නියමිත අයදුම්පත් ආකෘති පත්‍රයක් අයදුම්කරු විසින් පුරවා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.
- අයදුම්කරුගේ නුදුරු දිනක ලබාගත් උඩුකය පමණක් දැක්වෙන සෙ.මි. 8.25 (3¼”) x සෙ,මි, 5.72 (2¼”) ප්‍රමාණයේ පැහැදිලි ඡායාරූප පිටපත් දෙකක් සැපයිය යුතු ය. අයදුම්පතට ඇලවිය යුතු ඉන් එක් ඡායාරූපයක් මත අයදුම්කරු අත්සන් කර අනෙක් ඡායාරූප පිටපත මත තැපැල් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට අයදුම්කරු සිය අත්සන තැබිය යුතු ය. අදාළ අයදුම්පතට අමුණන ඡායාරූප පිටපත මත තබන අත්සන, ඉන් එක් කොටසක් අයදුම්පත් පෘෂ්ඨය මත සටහන් වන ආකාරයට හා අනෙක් කොටස එම ඡායාරූප පිටපතේ මුහුණත මත සටහන් වන ආකාරයට එක දිගට ලිවිය යුතු ය.
- අයදුම්පතට රු. 50.00 ක් වටිනා මුද්දර ඇලවීම මගින් ඊට අදාළ ගාස්තුව ගෙවිය යුතු ය.
- අයදුම්කරු තැපැල් ස්ථානාධිපතිවරයා නොහඳුනන්නේ නම්, අදාළ තැපැල් සේවා සලසන තැපැල් කාර්යාල ප්‍රදේශයේ ගරු කටයුතු ස්ථීර පදිංචිකරුවන් දෙදෙනෙකු අයදුම්කරුගේ අනන්‍යතාව සහතික කර එකී තැපැල් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට අදාළ අයදුම්පතෙහි දැක්වෙන ඊට අදාළ ප්‍රකාශ පත්‍රයෙහි අත්සන් කළ යුතු ය.
- අයදුම්කරුගේ ස්ථීර පදිංචි ලිපිනයට ආසන්නතම තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට අදාළ අයදුම්පත ලියා අත්සන් කර තැපැල්පතිවරයා වෙත එය යැවීම සඳහා එකී තැපැල් ස්ථානාධිපතිවරයාට බාරදිය යුතු ය. තවද,
- හැඳුනුම්පත බාර ගැනීමට පෙර, අයදුම්කරු, අදාළ තැපැල් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට තම නම එකී හැඳුනුම්පත මත සහ හැඳුනුම්පත ලද බව පිළිගන්නා පෝරමය මත අත්සන් කළ යුතු ය.
