Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

තැපැල් භාණ්ඩ හරවා යැවීම

තැපැල් භාණ්ඩ හරවා යැවීම

තැපැල් භාණ්ඩය බෙදාහැරීමෙන් පසු ලිපි හිමියාට එය ලබා ගැනීමට හැකි වන පරිදි තැපැල් කාර්යාලය විසින් නිල වශයෙන් හෝ ලිපි හිමියාගේ නියෝජිතයෙක් විසින් තැපැල් භාණ්ඩය වෙනත් ලිපිනයක් වෙත ආපසු හරවා යැවීමේ ක්‍රියාවයි

හරවා යැවිය හැකි භාණ්ඩ
  • ලිපි/තැපැල්පත්/විවෘත මුද්‍රිත පැකැට්ටු/පුවත්පත්/පාර්සල්/ලියාපදිංචි අයිතම
    1. තැපැල් භාණ්ඩයක් අමතර ගාස්තුවකින් තොරව හරවා යැවිය හැකි නමුත් එවැනි හරවා යැවීමක් සිදු කරනුයේ එම භාණ්ඩය බෙදාහැරි දින හෝ ඊට පසු දිනම (ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළත් නොවේ) ලිපි හිමියාගේ නියෝජිතයෙකු විසින් නැවත තැපැල් කරනු ලැබුවහොත් පමණි.
    2. හරවා යවනු ලබන භාණ්ඩ විවෘත කර හෝ විකෘති කිරීමකට ලක් කර නොතිබිය යුතුය. ලිපි හිමියාගේ නම කිසිදු ආකාරයකින් වෙනස් නොකළ යුතුය. නව ලිපිනයක් සඳහා ලේබලයක් අලවන්නේ නම් මුල් ලිපි හිමියාගේ නම ආවරණය නොවන පරිදි එය ඇලවිය යුතුය. එය ආවරණය වී ඇත්නම් එය ගාස්තු නොගෙවන ලද භාණ්ඩයක් ලෙස සලකා අමතර ගාස්තුවක් අය කරනු ඇත.
    3. ඉහත කාලසීමාවෙන් පසු භාණ්ඩය හරවා යැවීම සඳහා ඉදිරිපත් කරන්නේ නම් හෝ එය නැවත තැපැල් කිරීමට පෙර විවෘත කර හෝ විකෘති කර ඇත්නම් එය අලුතින් තැපැල් කරනු ලබන භාණ්ඩයක් සේ සලකා එය අදාළ වන කාණ්ඩයට නියමිත ගාස්තුව අය කරනු ඇත.
  1. ලියාපදිංචි භාණ්ඩ හරවා යැවීම සඳහා තැපැල් පෙට්ටිවල නොදැමිය යුතුය. ඒවා කාර්යාලයේ කවුළුව වෙත භාර දිය යුතුය. හරවා යැවීම සඳහා එම භාණ්ඩයේ පෙර ලියාදිංචි අංකයම භාවිතා කරනු ලැබේ. භාණ්ඩය නියමිත දිනයෙන් පසුව ඉදිරිපත් කළේ නම් එය නව භාණ්ඩයක් ලෙස සලකනු ලබන අතර නව ගාස්තුවක් අය කර නව ලියාපදිංචි අංකයක් යටතේ යවනු ලැබේ.
  2. විදේශ ලිපිනයක් වෙත මාරු වී ඇති පුද්ගලයකුගේ භාණ්ඩ ඔහු වෙත හරවා යවනු ලැබේ. යවන්නා විසින් භාණ්ඩයෙහි ලිපිනය පැත්තේ ගමනාන්ත රට දන්නා භාෂාවකින් ලියා ඇත්නම් එය ආපසු යොමු කරනු නොලැබේ.
  3. විධිවිධානයන්ට අනුකූල බවට තැපැල්පති විසින් තීරණය කරන්නේ නම් පමණක් භාණ්ඩයක් එක් රටක සිට වෙනත් රටකට නැවත යොමු කරනු ඇත.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search