Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

ශ්‍රී ලංකා තැපැල් කළමනාකාර අභ්‍යාස විද්‍යාලය

උපතිස්ස විජේකෝන් මහතා
අධ්‍යක්ෂ පුහුණු කිරීම් හා තැපැල් කළමණාකරන අහ්‍යාස ආයතනය

තැපැල් මූලස්ථානය, ,නො 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 01000. දුරකතන අංකය:-+94 (11) 2470540| ෆැක්ස්:+94 (11) 2470539
විද්‍යුත් තැපෑල:- directorpmtc@yahoo.com/directortrainingslpost@gmail.com

අපගේ කාර්යභාරය
  • මානව සම්පත් සංවර්ධනය තුළින් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය ඉහල නැංවීම සඳහා අවශ්‍ය කරන මාවත හෙලි පෙහෙලි කිරීම තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලයේ කාර්යභාරයය.
  • එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය සහ විශ්ව තැපැල් සංගමයේ එකමුතුවෙන් 1990 මැයි 14 දින තැපැල් කලමනාකරණ අභ්‍යාස විද්‍යාලය බිහි විය
  • දෙපාර්තමේන්තුව තුළ සිටින විධායක මට්ටමේ හා මාණ්ඩලික මට්ටමේ ඉහල නිලධාරීන්ගේ ආකල්ප, කුසලතා සහ දැනුම වර්ධනය කරමින් පුහුණු පාඨමාලාවන් සංවිධානය කර ඒවා මෙහෙයවමින්,පසු විපරම තුළින් පුහුණුවේ අරමුණුසාක්ෂාත් කරගැනීම සෘජුවම තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලය මඟින් සිදු කරනු ලබයි
  • දිවයිනෙහි නොයෙක් පළාත් නියෝජනය වෙමින් පිහිටා ඇති තැපැල් අභ්‍යාස ආයතන 07ක් මඟින් සෙසු සියලුම කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර, එම පුහුණු කිරීම් අධීක්ෂණය කරමින් ශක්තීන් හා දුර්වලතා මැන බලමින් අවශ්‍ය පරිදි එම පුහූණු කිරීම් යාවත්කාලීන කිරීම සිදු කරනු ලබනුයේ තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලය මඟිනි
  • තැපැල් දෙපාර්තමේන්තුව මගින් කලින් කලට අවස්ථානුකූලව මහජනයා වෙත හඳුන්වාදෙනු ලබන නව්‍යමය සේවාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස පුහුණු කිරීම් ක්ෂේත්‍රය මෙහෙයවීමද මෙමඟින් සිදු කරනු ලබන අතර, මුද්දර විනෝදංශය වැනි දැයේ දූ දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලබන සේවාවන් ප්‍රචලිත කිරිමද තවත් එක් කාර්ය භාරයකි.
  • දේශීය මෙන්ම විදේශිය වශයෙන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ අතිශය භාරදූර කාර්යයන් මේ මඟින් සිදු කරනු ලබන අතර, අවස්ථානුකූලව තෝරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් විදේශ පුහුණුව සඳහා යොමු කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ දැනුම කාර්ය මණ්ඩලය වෙත ලබා දීම තවත් එක් කාර්යභාරයකි. ඒ සඳහා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බැඳුනු විශ්ව තැපැල් සංගමය මඟින් ක්‍රියාත්මක වන තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ආසියානු පැසිපික් තැපැල් විද්‍යාලය සමග අත්වැල් බැඳගෙන විදෙස් පුහුණුව ලබා දෙන අතරම ඉන්දියාව පකිස්තානය ආදී රටවල පවත්නා තැපැල් පුහුණු ආයතන සමඟද සබඳකම් පවත්වමින් පුහුණු කිරීම් ගුණාත්මකව කරනු ලැබේ.
  • එමෙන්ම ලෝක තැපැල් දින සැමරුම් උත්සව ආදී තැපෑලට සුවිශේෂී වූ අවස්ථාවන්හිදී තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලයට පැවරෙන සුවිශේෂී වූ රාජකාරි නිර්මානාත්මකව ඉදිරිපත් කරමින් එම අවස්ථාවන් වර්ණ ගැන්විමද තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලයේ තවත් එක් කාර්යභාරයකි.
තවත් කාර්යභාරයන් කෙටියෙන්....
  • දෙපාර්තමේන්තු පුහුණු අවස්ථා හඳුනා ගැනීම
  • පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම
  • දෙපාර්තමේන්තු මාණ්ඩලික නිළධාරීන් පුහුණු කිරීම
  • තැපැල් අභ්‍යාස ආයතන පළාත්බඳ හා මධ්‍ය තැපැල් හුවමාරුව යටතේ අනෙකුත් කාර්ය මණ්ඩල පුහුණු කිරීම අධීක්ෂණය කිරීම
  • බාහිර ආයතන වෙත යවා නිළධාරීන් පුහුණු කිරීම
  • තැපැල් අභ්‍යාස ආයතනආයතනවල විභාග පැවැත්වීම හා අදාල සියලු කටයුතු
  • දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම ප්‍රගතිය හා අධීක්ෂණය කිරිම
  • විදේශ පුහුණු සම්මන්ත්‍රණ සමුඵ සඳහා නිළධාරීන් සහභාගී කරවීම හා එයට අදාල සියලු කටයුතු
  • තැපැල් අභ්‍යාස ආයතනආයතන හා එහි පුහූණු අධීක්ෂණය
  • විවිධ පුහුණු සඳහා නිළධාරීන් අනුයුක්ත කිරීම
  • අදාල අංශ වෙත පුහුණු අංශයේ තොාරතුරු නිකුත් කිරීම
තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලය මගින් සිදුකරනු ලබන පුහුණු පාඨමාලාවන්
  • තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම විධායක නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලා
  • තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලා
  • තැපැල් දෙපාර්තමේන්තුවේ උපදේශකවරුන් පුහුණු කිරීමේ පාඨමාලා
  • අන්තර්ජාතික මට්ටමේ ජාත්‍යන්තර දේශකවරුන් මෙහෙයවන පුහුණු පාඨමාලා
  • තැපැල් මූලස්ථාන නිලධාරී කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ පාඨමාලා
  • තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලා
  • භාෂා පුහුණු පාඨමාලා
  • තැපැල්පති විසින් පැවැත්විය යුතු බවට නියම කරනු ලබන පාඨමලා
  • අදාල වෙනත් විශේෂිත පුහුණු පාඨමාලා
  •  
තැපැල් කළමනාකරණ අභ්‍යාස විද්‍යාලය යටතේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන තැපැල් අභ්‍යාස ආයතනයන්:

කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, මඩකලපුව, පොල්ගහවෙල, තඹුත්තේගම

පලාත්බදව පවත්වනුලබන පුහුණු පාඨමාලාවන්
  • ඵලදායිතා පුහුණු පාඨමාලා
  • නායකත්ව පුහුණු පාඨමාලා
  • කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ පුහුණු සම්මන්ත්‍රණ
  • මහජනතාව දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහන්
  • දෙපාර්තමේන්තු අවශ්‍යතාවය අනුව පැවැත්විය යුතු පුහුණු වැඩසටහන්
  • පළාත්බදව පැවැත්විය යුතු බවට නිර්දේශ කරනු ලබන විශේෂ පුහුණු වැඩසටහන්
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search