ලිපි/ව්‍යාපාරික ලිපි
අවම මුදලකින් ලිපිි යැවීම සඳහා
දේශීය ලිපි සඳහා වන තැපැල් ගාස්තුව මුද්දරයක් ඇලවීමෙන් හෝ මුද්දරයක් මුද්‍රා තැබීමෙන් හෝ වෙනත් අනුමත ගෙවීම් ක්‍රමයකින් (නිදහස් තැපැල් සේවාව/පෙරගෙවුම් සේවාව වැනි) ගෙවිය යුතුය
- උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
- උපරිම දිග -මි.මි. 610
- උපරිම පළල -මි.මි.300
- උපරිම ගණකම/ගැඹුර / – මි.මි.300
- උපරිම බර කි.ග්රෑ 2
- සාමාන්‍ය තැපැල්/සාමාන්‍ය ව්‍යාපාරික ලිපියක් සඳහා වන අවම ගාස්තුව රු.50.00 කි (ග්රෑ.20 බර ලිපියක් සඳහා)
- ලිපියෙහි තැපැල් ගාස්තුව පූර්වයෙන් ගෙවා නොමැති නම්, ලිපිය ලිපි හිමියා වෙත භාර දීමට පෙර අධිභාරයක් අය කරනු ලැබේ. අධිභාරය ගෙවිය යුතු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයකි.අවම අධිභාරය රු.25.00ක් වේ
ලිපි, තැපැල් පෙට්ටිය මඟින් තැපැල් කළ හැකි නමුත් පහත අවස්ථාවන්හිදී කවුළුව මඟින් තැපැල් කළ යුතුය.
|
|
දේශීය ලිපි සඳහා වන තැපැල් ගාස්තුව මුද්දරයක් ඇලවීමෙන් හෝ මුද්දරයක් මුද්‍රා තැබීමෙන් හෝ වෙනත් අනුමත ගෙවීම් ක්‍රමයකින් (නිදහස් තැපැල් සේවාව/පෙරගෙවුම් සේවාව වැනි) ගෙවිය යුතුය.
- ලියාපදිංචි කළ යුතු ලිපි
- රක්ෂණය කළ යුුතු ලිපි
- මුද්දර යන්ත්‍රය මඟින් තැපැල් ගාස්තුව ගෙවනු ලබන ලිපි
- තැපැල් පෙට්ටිය මඟින් තැපැල් කළ නොහැකි තරමේ විශාල ලිපි
- තැපැල් ගාස්තු සහතිකය මත තැපැල් කරනු ලබන ලිපි
- ශ්‍රී ලංකා කුරියර් තැපැල් ලිපි
- නිදහස් තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
- තොග/ව්‍යාපාරික තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
- ප්රමුඛ සේවා ලිපි
- ඉහළ වටිනාකමකින් යුත් මුද්දර සහිත ලිපි
