තැපැල්පත්
අවම පිරිවැයක් යටතේ පණිවුඩ යැවීමට
- අවම පිරිවැයක් යටතේ සුභ පැතුම් යැවීමට, සංචාරය කිරීමේ අත්දැකීම් බෙදා ගැනීමට හෝ මිතුරන් සහ පවුල සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමට තැපැල්පත් භාවිතා කරන්න.
- තැපැල්පත් තැපැල් කාර්යාල මඟින් නිකුත් කරනු ලැබේ.ඒවායේ අදාළ වටිනාකම මුහුණතෙහි මුද්‍රණය කර ඇති අතර මුහුණත වටිනාකමට අලෙවි කරනු ලැබේ.
- පෞද්ගලිකව මුද්‍රණය කරන ලද තනි තැපැල්පත්ද තැපැල්පත් ලෙස සලකා තැපෑලෙන් යවනු ලබයි. ඒවායේ ප්‍රමාණයන් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර ඒවා ද්‍රව්‍යමය වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් තරන තැපැල්පත් වලට වඩා සිහින් හෝ වඩා නම්‍යශීලී හෝ නොවිය යුතුය
ප්‍රමාණ සීමාවන්
- උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ
- උපරිම දිග – මි.මි. 140
- උපරිම පළල – මි.මි. 90
- අවම ප්‍රමාණ සීමාව වන්නේ
- අවම දිග – මි.මි.100
- අවම පළල – මි.මි.60
- තැපැල්පතෙහි තැපැල් ගාස්තුව පූර්වයෙන් ගෙවා නොමැති නම් තැපැල්පත හිමි අය වෙත භාර දීමට පෙර අධිභාරයක් අය කරනු ලැබේ. අධිභාරය ගෙවිය යුතු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයකි. අවම අධිභාරය රු.25.00ක් වේ.
විශේෂ නීති
- නැවීමට කැපීමට හෝ වෙනත් අකාරයකින් වෙනස් කිරීමට ලක් කරන ලද තැපැල්පත් කවරයක බහා ඇත්නම් හැර, තැපැල් කළ නොහැක.
- තැපැල්පතක දකුණු කෙළවර සෑම විටම ලබන්නාගේ ලිපිනය,තැපැල් මුද්දරය හා තැපැල් උපදෙස් (තැපැල් ලේබල් වැනි) සඳහා වෙන් කර තිබේ.
- තැපැල්පතක වම් කෙළවර ආපසු ලිපිනය හෝ වෙනත් අදාළ දෙයක් සඳහා භාවිතා කළ හැක.තැපැල්පතක පිටුපස අවශ්‍ය තොරතුරු ලිවීම සඳහා භාවිතා කළ හැකිය.
- තැපැල් ගාස්තු ලෙස වරදවා සැලකිය හැකි සියළුම ලේබල් හා මුද්දර තැපැල්පතෙහි පිටුපස පමණක් ඇලවිය යුතුය.
- පහත සඳහන් දෑ හැර වෙනත් කිසිවක් තැපැල්පතෙහි නොඇලවිය යුතුය.
- තැපැල් ගාස්තු ගෙවීම සඳහා මුද්දරයක්
- සම්පූර්ණයෙන් තැපැල්පතෙහි අලවන ලද යවන්නාගේ නම සහ ලිපිනය සඳහන් ලේබලයක් හෝ කඩදාසියක් (උපරිම දිග මි.මි.51 සහ උපරිම පළල මි.මි.19)
- සම්පූර්ණයෙන් තැපැල්පතෙහි අලවන ලද කැටයම් කිරීමක්, රූප සටහනක්, ඡායාරූපයක් හෝ මුද්‍රිත දුව්‍යක්.
