Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

EMS සේවාව (අධිවේගී තැපැල් සේවාව)

EMS සේවාව (අධිවේගී තැපැල් සේවාව)

ලිපිලේඛන සහ වෙළඳ භාණ්ඩ සඳහා වන අධිවේගී තැපැල් සේවාව වන EMS සේවාව යනු හැකි සෑම අවස්ථාවකදීම වේගවත්ම තැපැල් සේවාව ලෙස කටයුතු කරනු ලබන්නායි.

EMS භාණ්ඩ, සියළු තැපැල් හා උප තැපැල් කාර්යාලයන්හිදී භාර ගනු ලැබේ.


* මිල ගණන් බර සහ ගමනාන්ත රට අනුව තීරණය වේ

තැපැල් ගාස්තුව ගණනය කරන්න>>>
පවත විමසීම සඳහා >>>

පවත සේවාව සියළුම රටවල් සඳහා සපයනු ලබයි. 
මීට අමතරව, ගමනාන්ත රටෙහි නිල තැපැල් වෙබ් අඩවි මඟින් සපයනු ලබන පවත සේවාවන්ද භාවිතා කළ හැක

EMS ලේඛන වල විශාලත්වය

ලිපිලේඛන ශක්තිමත් කවරයක බහා එවිය යුතුය. (අවම ප්‍රමාණය A4 ප්‍රමාණය වේ).EMS පාර්සල් ශක්තිමත් හා ඝන කඩදාසි පෙට්ටියක අසුරාලිය යුතුය.

EMS පාර්සල් වල විශාලත්වය

ප්‍රමාණයන් ගමනාන්ත රටෙහි රෙගුලාසි මත රඳා පවතී.

ප්‍රමාණයන්හි සීමාවන් :පාර්සලයේ විශාල පැත්තේ උපරිම දිග : සෙ.මී.100 හෝ සෙ.මි.150 වනු ඇත.පාර්සලයේ උපරිම දිග ගමනාන්ත රට මත රඳා පවතී. (උපරිම දිග ප්‍රමාණ සඳහා කරුණාකර පහත සඳහන් රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)

පාර්සලයේ උපරිම විශාලත්වය: පාර්සලයේ උපරිම විශාලත්වය = වට ප්‍රමාණය + දිග

පාර්සලයේ උපරිම විශාලත්වය ගමනාන්ත රට මත රඳා පවතී. (උපරිම දිග ප්‍රමාණ සඳහා කරුණාකර පහත සඳහන් රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)

EMS පාර්සල් සඳහා උපරිම විශාලත්ව සහ බර සීමාවන් සඳහන් රටවල් ලැයිස්තුව >>>
විශේෂ උපදෙස්
තහනම් භාණ්ඩ
  • රටවල් අනුව තහනම් කරන ලද භාණ්ඩ ලැයිස්තුව ලබා ගැනීම සඳහා කරුණාකර පහත යොමුව භාවිතා කරන්න.  

තහනම් භාණ්ඩ මාර්ගගතව දැනගැනීම සඳහා >>
pdf ලෙස භාගත කිරීමට >>
xls ලෙස භාගත කිරීමට >>
ඇසුරුම් අවශ්‍යතා
  • හැසිරවීමට හා ප්‍රවාහනයට ඔරොත්තු දෙන ආකාරයෙන් සියළු පාර්සල් ශක්තිමත් හා ආරක්ෂිත ලෙස ඇසුරුම් කර ඇති බවට පාරිභෝගිකයන් තහවුරු කර ගත යුතුය. දුර්වල සහ  ප්‍රමාණවත් නොවන ආකාරයෙන් ඇසුරුම් කර තිබීම, පාර්සලයට හානි සිදු වීමට හෝ එය භාර නොගැනීමට හේතු වනු ඇත.
ආපසු එවන ලද EMS භාණ්ඩ
  • ගමනාන්තයෙන් EMS භාණ්ඩයක් ආපසු එවන ලදහොත් (බෙදා හැරීමට නොහැකි වීමෙන් පසු) තැපැල් ගාස්තු ආපසු ලබා දීමට හැකියාවක් නොමැත.

    නොබෙදන ලද EMS භාණ්ඩ නැවත එම රට වෙත යැවීමේ අවශ්‍යතාවයක් නොමැති නම්, කරුණාකර CN23 ආකෘති පත්‍රයේ නොබෙදුවේ නම් යන කොටසෙහි අත්හැර දැමූ සේ සලකන්න නැමැති කොටුවෙහි  ☑ සළකුණ යොදන්න. (ඇතැම් රටවල් හරවා යැවීමේ ගාස්තුවක් අය කිරීම හේතුවෙන්)
සේවාව සහිත රටවල් ලැයිස්තුව
සේවාව ලබා දෙන රටවල් ලැයිස්තුව >>
විමසුම්
තැපැල් කිරීමේ දිනයේ සිට සති 2ක් ඇතුළත විමසුම් ඉදිරිපත් කළ යුතුය EMS සම්බන්ධව සිදු කරන ලද ඕනෑම පැමිණිල්ලකදී අවශ්‍ය විය හැකි බැවින් CN23 ආකෘති පත්‍රයේ පාරිභෝගිකයාගේ පිටපත ප්‍රවේශමෙන් ලඟ තබා ගත යුතුය.
විදේශ ගමනාන්තයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන EMS භාණ්ඩ බෙදා හැරීම
  • ශ්‍රී ලංකාවට ලැබෙන සියළුම EMS තැපැල් භාණ්ඩ රේගු නිළධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබේ.
  • රේගුවෙන් නිදහස් කරන ලද EMS භාණ්ඩ පාරිභෝගිකයන් වෙත බෙදා දෙනු ලැබේ.
  • රේගු පරීක්ෂා සඳහා රඳවා ගන්නා ලද භාණ්ඩ සම්බන්ධයෙන් නිවේදනයක් මඟින් පාරිභෝගිකයන් දැනුවත් කෙරේ.
  • කොළඹ EMS මධ්‍යස්ථානය, නුවර, ගාල්ල,යාපනය, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලයන්හිදී රේගු පරීක්ෂාවන් සිදු කරනු ලැබේ
  • රේගු පරීක්ෂාවෙන් පසු අඩංගු දෑ සඳහා බදු අය කළ යුතු බවට රේගුව විසින් තීරණය කරයි නම්, රේගු ආකෘති පත්‍රයේ සඳහන් කර ඇති ගාස්තුව ගෙවිය යුතුය.
  • ඔබට රේගු පරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණීමට හැකියාවක් නොමැති නම්, අදාළ ආකෘති පත්‍ර සම්පූර්ණ කර හා අත්සන් කර, ආසන්නතම තැපැල් කාර්යාලයට භාණ්ඩ යැවිය හැකි අතර අදාළ ලිපිය යොමු කළ යුතු රේගු පරීක්ෂණ මධ්‍යස්ථානයට යැවීමෙන් පසු අදාළ රේගු ගාස්තු ගෙවා එම තැපැල් කාර්යාලයෙන් භාණ්ඩ ලබා ගත හැකිය.
රේගු පහසුකම් සහිත EMS මධ්‍යස්ථාන
  • EMS මධ්‍යස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව, කොළඹ 01000
    දුරකතන : +94-11-2328644, +94-11-244744
  • ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, නුවර
    දුරකතන : +94-81-2234071
  • ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, ගාල්ල
    දුරකතන : +94-91-2233221
  • ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් කාර්යාලය, ත්‍රිකුණාමලය
    දුරකතන : +94-26-2222372
  • ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, යාපනය
    දුරකතන : +94-21-2222415
  • තැපැල් කාර්යාලය, ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක
    දුරකතන : +94-11-2252762
අපව සම්බන්ධ කර ගන්න

ක්ෂණික ඇමතුම් – 1950

EMS මධ්‍යස්ථානය,
මධ්‍යම තැපැල් හුවමාරුව,
කොළඹ 01000,
දුරකතන : +94-11-2320700,2440159 දිගුව:-201
දුරකතන : +94-11-2447844, 2328644
ems.colombo@yahoo.com
as.fgn@slpost.lk

තැපැල් මූලස්ථානය (ජාත්‍යන්තර තැපැල් සේවා අංශය)
011-2328301
info@slpost.lk
 

Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search