හැකියා වර්ධන පුහුණු වැඩසටහන















තැපැල් මාණ්ඩලික නිළධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සඳහා ආසියානු-පැසිෆික් තැපැල් සංගමය (APPU) සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ හැකියා වර්ධන පුහුණු වැඩසටහන පසුගිය දිනවලදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
වැඩසටහන මෙහෙයවූයේ:
- ආචාර්ය විනයා ප්‍රකාශ් සිං – මහලේකම්, APPU
- කේ.පී. සන්දීප් මහතා – උපදේශක, APPU
- සුචිස්මිතා ස්වේන් මහත්මිය – පාඨමාලා අධ්‍යක්ෂක, APPU
වැඩසටහන අවසන්වීමෙන් අනතුරුව, සහතික පත්‍ර ප්‍රධානයත් සමඟ ආරාධිතයින් සහ නිළධාරීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. අවසාන සැසියට
- තැපැල්පති රුවන් සත්කුමාර මහතා
- නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා මහත්මිය
- අධිකාරී (ජාත්‍යන්තර තැපැල්) සමන්මලී පෙරේරා මහත්මිය
- අධ්යක්ෂ (පුහුණු) උපතිස්ස විජේකෝන් මහතා සහ තවත් විධායක හා මාණ්ඩලික නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මේ වැනි වැඩසටහන් හරහා අපගේ නිළධාරීන්ගේ වෘත්තීය දක්ෂතා වර්ධනය කරමින් තැපැල් සේවාව තාක්ෂණාධිනයක් සහිත අනාගතයකට ගෙන යාම අපගේ අරමුණයි.
