කුඩා පැකැට්ටු
කුඩා පැකැට්ටු
- වාණිජ ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ අවම ගාස්තුවක් යටතේ යැවීම සඳහා හඳුන්වා දෙන ලද සේවාවකි. එය විශේෂයෙන් වාණිජ භාණ්ඩ වල නියැදින් යැවීම සඳහා භාවිතා කරනු ලැබේ.
- මෙම සේවාව මුහුදු තැපෑලෙන් පමණක් ලබා ගත හැකිය.
- තැපැල් මුද්දර ඇලවීමෙන් හෝ මුද්‍රා තැබීමේ යන්ත්‍රයකින් මුද්‍රා තැබීමෙන් තැපැල් ගාස්තුව පූර්වයෙන් ගෙවිය යුතුය.
- තැපැල් ගාස්තුව පැකේජයේ බර අනුව තීරණය කරනු ලැබේ.
ප්‍රමාණ සහ බර සීමාවන්
- උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
උපරිම දිග + පළල+උස : 900mm
දිගම පැත්තේ උපරිම දිග : 610mm
- රෝල් ආකාරයෙන් නම්,
උපරිම දිග + (විශ්කම්භයය x 2) : 1037 mm
දිගම පැත්තේ උපරිම දිග : 889 mm
- අවම ප්‍රමාණ සීමාවන් වන්නේ, අවම දිග : 140 mm
අවම පළල : 90 mm
- දිග, හතරැස්, ශක්තිමත් කාඩ්බෝඩ් නිෂ්පාදිතයක් සඳහා නම්, අවම ප්‍රමාණ සීමාව වන්නේ,
යාබද පැති දෙකෙහි දිගවල එකතුව : 160 mm
අඩුම දිග සහිත පැත්තේ දිග : 40 mm
- උපරිම බර 1kg.
නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද ලිපි
- යවන්නා වෙතින් නිවැරදි කර ගත නොහැකි කුඩා පැකැට්ටු, අවම අධිභාරයට යටත්ව එහි ගාස්තුවෙහි හෝ එහි හිඟ මුදල සදහා අධිභාරයකට යටත් වනු ඇත
- පැකැට්ටුවෙහි ඉහල වම් කෙළවරේ ‘කුඩා පැකැට්ටු’ ලෙස සලකුණු කල යුතුය.
- පහත සඳහන් අයිතම කුඩා පැකැට්ටු තුළ යවනු නොලැබේ.
- වර්තමාන දිනයන්ට අයත් පෞද්ගලික ලියවිලි ආකාරයේ ලිපි හෝ සටහන් වැනි දෑ
- අවලංගු කරන ලද හෝ නැති තැපැල් මුද්දර හෝ ගාස්තු ගෙවීම සඳහා පූර්වයෙන් භාවිතා කරන ලද ඕනෑම දෙයක්
- මුල්‍ය වටිනාකමක් සහිත ඕනෑම පත්‍රිකාවක්
- කාසි සහ/හෝ මුදල් නෝට්ටු
- පැකැට්ටුවෙහි ඇතුළත හෝ පිටත සළකුණු කිරීමට අවසර ලබා දෙන්නේ පහත සඳහන් අයිතම පමණි.
- යවන්නාගේ සහ ලබන්නාගේ නම් සහ ලිපිනයන්, වෘත්තීන් හෝ තනතුරු, යවන දිනය, යවන්නාගේ අත්සන, දුරකතන අංක, ‘පිළිතුරු’සටහන්, තැපැල් හෝ බැංකු ගිණුම් අංක, අනුක්‍රමික අංක, හඳුනාගැනීමේ අංක වැනි
- නිෂ්පාදකයාගේ සළකුණ හෝ වෙළඳ ලකුණ, නිෂ්පාදිතය හෝ නියැදිය පිළිබඳ කෙටි විස්තරයක්, හඳුනාගැනීමේ අංකය
- මිල ගණන්, ගෙවීම් ක්‍රමය, නම් වැනි දෑ
- බර, මානයන්, යවන ලද ප්‍රමාණයන්
- නිෂ්පාදිත රටද ඇතුළුව ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු
- හානිකර කෘමි සතුන් පාලනය කිරීම සඳහා භාවිතා කරනු ලබන රජය විසින් පිළිගත් ආයතන අතර හුවමාරු කර ගනු ලබන වීදුරු හෝ වෙනත් බිඳෙන සුළු අයිතම, දියර, තෙල්, මේදය, තීන්ත, කුඩු, සජීවී මී මැස්සන්, කූඩැල්ලන්, පටිපණු බිත්තර, පරපෝෂිතයන්ගේ නියැදි, කෘමිනාශක පැකැට්ටු ආදිය කුඩා පැකැට්ටු මඟින් තැපැල් කරනු ලැබේ. එවැනි භාණ්ඩ යැවීමේදී ඒවා නියමිත ක්‍රමයට අනුව අසුරා පිළියෙල කළ යුතුය. (දේශීය සහ විදේශීය පාර්සල් ඇසිරීම සහ සකස් කිරීම සඳහා වන නීති අදාළ වේ)
- ඒවා සුපුරුදු ක්‍රමවේදයන්ට අනුව අසුරා සකස් කර තිබුණද, අන්තර්ගතයන් පරීක්ෂා කළ හැකි පරිදි විනිවිද පෙනෙන කවර වල මුද්‍රා තබා තිබේ නම් ඒවා විශේෂයෙන් සළකා භාරගනු ලැබේ. නිෂ්පාදකයා විසින් හෝ නිෂ්පාදිත රටෙහි පරීක්ෂණ අධිකාරියක් විසින් මුද්‍රා තබන ලද කාර්මික එළවළු ආදිය සඳහාද මෙම විධාන අදාළ වේ.
- කුඩා පැකැට්ටු යැවීමේදී ඒවා පරීක්ෂා කිරීම සඳහා තැපැල් කාර්යාල නිළධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම, යවන්නාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පියවර ගනු ලැබේ.
- යවන්නා විසින් CN22 රේගු නිෂ්කාශන (කොළ පැහැති ලේබලය) නිවැරදිව සම්පූර්ණ කර, අත්සන් තබා භාණ්ඩයෙහි මතුපිට ඇලවිය යුතුය. කෙසේනමුත්, භාණ්ඩ වල වටිනාකම රු.600 ඉක්මවන්නේ නම් CN22 වෙනුවට CN23 සම්පූර්ණ කල යුතුය.
- කුඩා පැකැට්ටුවක් රේගු බදු සඳහා යටත් වන්නේ නම් එය ‘රේගු බදු පැකැට්ටුවක්’ ලෙස විශේෂයෙන් හඳුන්වනු ලැබේ (CD).
- කුඩා පැකැට්ටු ලියාපදිංචි කළ හැක. නමුත් ඒවා රක්ෂණය කළ නොහැක.
- තැපැල් කාර්යාලයට ලැබෙන සහ අඩංගු ද්‍රව්‍ය පහසුවෙන් පරීක්ෂා කළ හැකි හෝ විවෘත හෝ අන්තර්ගතයන් විසින් කුඩා පැකැට්ටු වර්ගීකරණයේ විධිවිධාන හෝ ප්‍රමාණ සහ/හෝ බර සීමා උල්ලංඝනය කරනු ලබන්නේ නම් හෝ ඒවා මේ යටතේ යැවිය නොහැක.
- මේවා නැවත යවන්නා වෙත ආපසු යැවීම සඳහා ආපසු යවන ලිපි කාර්යාලයට හෝ යවන්නා සඳහන් කර නොමැති නම් නිෂ්කාශණය සඳහා යවනු ලැබේ.
- කුඩා පැකැට්ටු ලෙස සළකුණු කර ඇති විධිවිධාන සහ/හෝ තහනම් කිරීම් වලට පටහැනි භාණ්ඩයක් මාර්ගස්ථ කාර්යාලයකදී සොයා ගනු ලැබුවහොත්,,
- එය මුල් කාර්යාලය වෙත ආපසු යැවිය හැකිය.
- එසේ නම්, මේවා යැවීමේදී එය සඳහන් කරන ලද වර්ගයට වඩා වෙනස් වර්ගයක් යටතේ යැවීම අවශ්‍ය වන අතර අදාළ විධි විධාන වලට අනුව අමතර ගාස්තු අය කරනු ලැබේ.
- කෙසේනමුත්, කිසියම් භාණ්ඩ පන්තියක බර සීමාව ඉක්මවන්නේ නම් එම බර සඳහා අමතර ගාස්තු කරනු ලැබේ.
