තැපැල් පෙට්ටි
තැපැල් පෙට්ටි සේවාව
පොදු ජනතාවට තම තැපැල් භාණ්ඩ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා තැපැල මගින් තැපැල් පෙට්ටි පහසුකම ලබා දේ.
තැපැල් පෙට්ටිය යනුවෙන්, අදාළ ගැනුම්කරු සිය තැපැල් භාණ්ඩ රැගෙන යන තෙක් එම ගැනුම්කරුගේ නමින් වෙන් කළ තැපැල් භාණ්ඩ තැබීම සඳහා භාවිතා කරන තැපැල් කාර්යාලයේ ලිපි තේරීමේ රාක්කයේ ඇති කුඩා ඉඩ අවකාශයක් අදහස් වේ. මෙම පෙට්ටි, තැ. පෙ. අංකයක් හෝ ස්ථිර ලිපිනයක් යටතේ ලබා ගත හැකි වේ.
(මෙම ගාස්තුව, එහි ආරම්භක දිනය නොසලකා ලිත් වර්ෂ පදනම අනුව ගණනය කෙරේ. සේවය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මෙම ගාස්තු ගෙවීම වාර්ෂිකව අලුත් කළ යුතුය)
අදාළ ගෙවීම් මුදලින් හෝ චෙක්පත් මගින් කළ හැකි වේ
කොන්දේසි :
- ගනුදෙනුකරු විසින් තැපැල්පතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
- තැපැල් බෙදන්නාගේ ලිපි බෙදාහැරීම සිදු නොවන බෙදාහැරීම් කලාප තුළ හෝ ඉන් පිටත පිහිටි පදිංචි නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන සඳහා ගාස්තු ගෙවීමකින් තොරව තැපැල් පෙට්ටි ලබා දේ.
- ලිපි ලැබෙන පුද්ගලයාට හෝ ඔහුගේ නියෝජිතයාට, තැපැල් කාර්යාලයේ තැපැල් පෙට්ටියේ තබා ඇති තැපැල් භාණ්ඩ එක් දිනකට එක් වරක් පමණක් ලබාගත හැක.
- බාරගත් බව ලිඛිතව දැක්වීම අවශ්‍ය වන තැපැල් භාණ්ඩ සඳහා තැපැල් පෙට්ටි සේවය ලබාගත නොහැක.
