Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

ඉතිහාසය

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වසර 227 කට වැඩි කාලයක් මුළුල්ලේ පැවත එන ආයතනයක් වන අතර එහි විවිධ තනතුරුවල 17,000 කට අධික සේවක පිරිසක් දෙපාර්තමේන්තු සේවයෙහි නිරතව සිටියි. අප අද පවතින පැරණිතම රජයේ දෙපාර්තමේන්තු වලින් එකකි. අපි අපේ ඉතිහාසය හා උරුමය ගැන ආඩම්බර වන්නෙමු.

ශ්‍රී ලංකා තැපැල් සේවයට වසර 209 ක දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, යටත් විජිත යුගයේ ලන්දේසි පාලකයන් විසින් තම පාලනය යටතේ තිබූ සමුද්‍රීය දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල පහක් ආරම්භ කළ 1798 වසර දක්වා එම ඉතිහාසය දිවෙන අතර ඔවුහූ වසර 1799 දී ප්‍රථම වරට තැපැල් රෙගුලාසි සහ තැපැල් ගාස්තු ප්‍රමාණ ප්‍රකාශයට පත් කළහ. ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද තැපැල් සේවය “නැගෙනහිර ඉන්දියා සමාගම” විසින් මෙහෙයවන ලද අතර එය මහජනතාව සඳහා විවෘත වූ එකක් නොව රාජකාරි භාවිතය සඳහා පමණ සීමා විය. 1798 සිට 1815 දක්වා කාල පරිච්ඡේදය පිළිබඳව වැඩි යමක් පැවසීම සඳහා බොහෝ කරුණු කාරණා සොයා ගැනීමට නොමැත.

1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයෝ රටේ පාලනය සියතට ගත්හ. ඔවුන් විසින් තැපැල් සේවය ප්‍රතිසංවිධානය කරන ලද අතර 1882 දී ස්ථිර තැපැල් කාර්යාලයක් කොළඹ නගරයේ පිහිටුවන ලදී. ලංකාවේ පළමු තැපැල්පතිවරයා වූයේ ගුවන් හමුදා නිලධාරියෙකු වූ ඒ. කෙනඩි මහතා ය. කෙසේ වෙතත්, 1815 තරම් ඈත යුගයක සිට තැපැල්පතිවරුන් සිට ඇත. ඊ, බ්ලෙටර්මන් මහතා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි   තැපැල්පතිවරයා ලෙස කටයුතු කළේ ය. ඉන් අනතුරුව, වසර 1817 දී ලුවිස් සන්සෝනි මහතා බ්ලෙටර්මන් මහතාගෙන් පසු දෙවන තැපැල්පතිවරයා ලෙස පත් විය. තුන්වන තැපැල්පතිවරයා මේජර්වරයෙකු වූ ජී. ස්ටුවර්ට් මහතා ය. ඔහු සිය ධූර කාලය තුළ රටේ ප්‍රධාන නගර දක්වා තැපැල් සේවා ව්‍යාප්ත කිරීමට මූලිකව කටයුතු කළේ ය. එකල ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙස ප්‍රසිද්ධියට පත් මෙම ආයතනය එමගින් දියත් කළ බොහෝ මූලාරම්භක කටයුතු හරහා ගෞරවාදරයට පත් විය.

ආසියාකරය තුළ තැපැල් කෝච් රථ සේවාවක් මුල් වරට ආරම්භ කළේ අප ය, කොළඹ සහ මහනුවර නගර අතර කෝච් රථ සේවය 1832 දී ඇරැඹි අතර ගාල්ල සහ කොළඹ නගර අතර තවත් තැපැල් කෝච් රථ සේවයක් 1838 වසරේ දී ක්‍රියාත්මක කර ආරම්භ කරන ලදී.

1892 වර්ෂයේ දී ප්‍රථම “ගමනෙහි නිරත තැපැල් කාර්යාලය” කොළඹ සහ මහනුවර නගරයේ උප නාගරික ප්‍රදේශයක් වූ පේරාදෙණිය අතර අතර ධාවනයෙහි යොදවන ලදී. ගතවූ වසර ගණනාව මුළුල්ලේ තැපැල් ප්‍රවාහනය සහ ලියුම් බෙදා හැරීම සඳහා විවිධ ප්‍රවාහන ක්‍රම භාවිතා කර ඇත.

එංගලන්තයේ නිෂ්පාදිත “බෙඩ්ෆෝර්ඩ්” වෑන් රථ වසර 70 ගණන්වල පවා භාවිතා කර ඇත. නවීන ජපන් වාහන ඇණියක් තැපැල් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අද අපි සාඩම්බර වන්නෙමු. අතීත යුගයක තැපෑල බෙදා හැරීම මුලින්ම සිදු වූයේ පා ගමනින් ඇවිද ගොස් ය. (කඳුකරයේ සහ ඈත දුෂ්කර ප්‍රදේශවල තැපැල්කරු අද පවා පයින් ඇවිද යමින් ලිපි බෙදා හරිනු දක්නට ලැබීම අසාමාන්‍ය දෙයක් නොවේ!) ඉන් පසුව බයිසිකල් වර්ග ලිපි බෙදාහැරිමේ කාර්යයට එකතු විය. 50 සහ 60 දශකවල තැපැල්කරුවන් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත බී එස් ඒ – බැන්ටම් (BSA – Bantam) වර්ගයේ යතුරුපැදිවල නැග ඒවා පැද යමින් ලියුම් බෙදීම හුරුපුරුදු දසුනක්ව පැවතුණි. නගරවල තැපැල්කරුගේ සේවා මුරය කුඩා වීමත් සමඟ මෝටර් සයිකල් වෙනුවට තැපැල්කරුවන් පාපැදි තැපැල් සේවයට අවතීර්ණ විය. වර්තමානයෙහි තැපැල් ප්‍රවාහනය සිදු කරනු ලබන්නේ දුම්රිය, පොදු සහ පෞද්ගලික බස් රථ මෙන්ම අප සතු වාහන සමූහය ද මගිනි.

1877 අප්‍රේල් මස 01 වන දින විශ්ව තැපැල් සංගමයට සම්බන්ධ වූ ලංකාව නිදහසින් පසු 1949 ජූලි මස 13 වන දින නැවත වරක් විශ්ව තැපැල් සංගමයට බැඳුණු අතර එබඳු ආකාරයේ ලොව ප්‍රථම වාර්තාවක් ඉන් නිර්මාණය විය.

බ්‍රිතාන්‍යය විසින් තැපැල් මුද්දරය ලොවට හඳුන්වා දී වසර පහකට පසුව, 1857 අප්‍රේල් මස 01 වන දින, පැන්සයක වටිනාකමින් යුත් පළමු මුද්දරය නිකුත් කරන ලදී. ප්‍රථම වරට රුපියල් සහ ශත වශයෙන් දේශීය වටිනාකමින් යුත් මුද්දර නිකුත් කරනු ලැබුවේ 1892 පෙබරවාරි මස 1 වන දිනදී ය.

කොළඹ විවිධ ස්ථානවල පවත්වාගෙන ගිය මහා තැපැල් කාර්යාලය ස්ථානගත කිරීම සඳහා 1895 දී කොළඹ කිංග්ස් වීදියේ (දැනට ජනාධිපති මාවතේ).එවකට අග්‍රාණ්ඩුකාරවරයාගේ රාජ මන්දීරය (කිංග්ස් හවුස්) ඉදිරිපිට පිහිටි තමන්ටම අයත් ගොඩනැගිල්ලක් දෙපාර්තමේන්තුව විසින් අත්පත් කර ගනු ලැබී ය. රටේ ඇති වූ කලකෝලහලවලින් අනතුරුව මහා තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ අවසානයේ දී වත්මන් නව තැපැල් මූලස්ථානයේ ස්ථිර නිවහනක් තුළ ස්ථානගතව ඇත. නවීන පහසුකම්වලින් සමන්විත මහල් 9 කින් සුසැදි නව ගොඩනැගිල්ල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානය වේ. තැපැල් කෞතුකාගාරය ද මෙම ගොඩනැගිල්ල තුළ නිවාසගතව ඇත.

පළමු තැපැල්පත
1798 – කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය ස්ථාපිත කිරීම.
1832 – කොළඹ හා මහනුවර අතර අශ්වරථ මගින් තැපැල් හුවමාරු සේවය ආරම්භ කිරීම..
1857 – වික්ටෝරියා රැජිණගේ රූපය සහිත පැන්ස 6 ක වටිනාකමකින් යුතු පළමු තැපැල් මුද්දරය නිකුත් කිරීම.
වැදගත් සිදුවීම්
  •  1815   ඊ. බලැටර්මන්  මයා තැපැල්පතිව සිටියදී කොළඹ , ගාල්ල,  මාතර ,මන්නාරම, යාපනය සහ ත්‍රිකුණාමලය යන මුහුදුබඩ නගරවල මුල්ම තැපැල් කාර්යාල හය ආරම්භ කිරීම.
  • 1832 ආසියාවේ පළමු අශ්වරථ  තැපැල් සේවය කොළඹ- මහනුවර අතර ආරම්භ විය.
  • 1838 ගාල්ල – කොළඹ අතර අශ්වරථ තැපැල් සේවය ආරම්භ කිරීම
  • 1850 සැප්තැම්බර් 24 දින කොළඹ-ගාල්ල අතර පණිවුඩ හුවමාරුව පරවියන් මගින් ඇරඹීම. 
  • 1857 අප්‍රේල් 01 වැනිදා  පැන්ස 6 ක වටිනාකමින් වික්ටෝරියා රැජිණගේ හිසේ රූපය සහිතව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කිරීම 
  • 1865 කොළඹ අඹේපුස්ස දුම්රිය මාර්ගය විවෘත කිරීම සමඟ දුම්රියෙන් තැපැල් ප්‍රවාහනය කිරීමේ ආරම්භය. 
  • 1867 පුද්ගලික තැපැල් පෙට්ටි සහ තැපැල් මලු ක්‍රමය කොළඹ සහ මහනුවර නගරවලට හඳුන්වා දීම.
  • 1872 අගෝස්තු 22 දින මුල්ම තැපැල්පත නිකුත් කිරීම 
  • 1873 ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර මුදල් ඇණවුම් සේවාව ආරම්භ කිරීම
  • 1877 දේශීය මුදල් ඇණවුම් ක්‍රමය ආරම්භ කිරීම
  • 1877 අප්‍රේල් 01 දින ශ්‍රී ලංකාව විශ්ව තැපැල් සංගමයට සම්බන්ධ වීම
  • 1880 ලංකාව – ඉන්දියාව අතර මුදල් ඇණවුම් සේවය ආරම්භ කිරීම 
  • 1885 මැයි 01 දින තැපැල් කාර්යාල ඉතිරි කිරීමේ බැංකුව පිහිටුවීම.
  • 1892 කොළඹ – පේරාදෙණිය අතර ජංගම තැපැල් කාර්යාලය ආරම්භ කිරීම 
  • 1893 පෙබරවාරි 01 දින ලංකාවේ ව්‍යවහාර මුදල් ශත 02 වටිනාකම සඳහන් මුල්ම තැපැල් මුද්දරය නිකුත් කිරීම 
  • 1895 අගෝස්තු 19 දින කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට ගෙවදීම.
  • 1908 දේශීය තැපැල් නීතිරීති සැකසීම 
  • 1909 පෙබරවාරි 02 දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි මුදල් ඇණවුම් සේවය ආරම්භ කිරීම 
  • 1914 මාර්තු 01 වන දින සිට ඉන්දු ලංකා ජංගම තැ. කා. දුම්රිය කොළඹ – අනුරාධපුර දක්වා ධාවනය ඇරඹින . 1926 නොවැම්බර් 20 දින මෙය තලෙයිමන්නාරම දක්වා දීර්ඝ කිරීම.
  • 1921 එෆ්. ජේ ස්මිත් මයා තැපැල්පතිව සිටියදී අක්මීමන , ආනමඩුව, විලාවතුරෙයි, දිවුලපිටිය,  කිරිඇල්ල  සහ මුතූර් හි ප්‍රථම උප තැපැල් කාර්යාල විවෘත කිරීම.
  • 1924 මැයි 15 දිනය යාපනය ජංගම තැපැල් කාර්යාල ආරම්භය 
  • 1926 නොවැම්බර් 17 දින ගාල්ල ජංගම තැපැල් කාර්යාල ආරම්භය.
  • 1928 කොළඹ මහනුවර සහ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් කාර්යාල කිරීම 
  • 1928 එක්සත් රාජධානියේ ගුවන් සේවය මගින් යවනු පිණිස මුල්ම ගුවන් ලිපි මාර්සෙල්ස් වෙත යැවීම 
  • 1929 ජූනි 23 දින ගුවනින් යැවිය යුතු ලිපි කරච්චිය වෙත යැවීම 
  • 1931 ප්‍රමාද ගාස්තු ලිපි යැවීමේ ක්‍රමය හඳුන්වා දීම 
  • 1932 ව්‍යාපාරික පිළිතුරු කවර සහ කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීම
  • 1936 ‘ගෘහ සේප්පු’ ක්‍රමය හඳුන්වාදීම.
  • 1936 ‘තැපැල් හැඳුනුම් පත්’  ක්‍රමය ඇති කිරීම
  • 1936  ඉතිරි කිරීමේ සහතික පත්‍ර ක්‍රමය ඇති කිරීම
  • 1936 එක්සත් රාජධානියේ සිට කොළඹට වු නත්තල් තැපෑල ටාටා ගුවන් සේවය මගින් ගෙන ඒම 
  • 1938 පෙබරවාරි 28 දින ගුවන් තැපෑල ටාතා ගුවන් සේවය මගින් ගෙනයාමක් 
  • 1947  පළමු ශ්‍රී ලාංකික තැපැල්පති ඒ. අයි. පෙරේරා මහතා
  • 1948 අප්‍රේල් 01 දින වෑන් රථ 15 ක් උපයෝගී කර ගනිමින් තැපැල් ප්‍රවාහන දෙපාර්තමේන්තු වෑන් සේවය ආරම්භ කිරීම.
  • 1949 පෙබරවාරි 07 වන දින කොළඹ – යාපනය අතර අභ්‍යන්තර ගුවන් තැපැල් සේවය ආරම්භ කිරීම 
  • 1949 ජූලි 13 වන ශ්‍රී ලංකාවට ස්වාධීන රටක් ලෙස විශ්ව තැපැල් සංගමයට ඇතුළත් වීමට හැකි විය 
  • 1958 මෝටර් බස් රථ තැපැල් කොන්ත්‍රාත්තු ලංගමයට පැවරීම 
  • 1958 මැයි 14 දින සිංහල අකුරින් මුද්‍රිත ප්‍රථම තැපැල් මුද්දර කාණ්ඩය නිකුත් කිරීම
  • 1964 ජනවාරි 20 දින කොළඹ සහ මඩකලපු අතර ජංගම තැපැල් කාර්යාල සේවය ඇරඹීම
  • 1967 ජනවාරි 01 දින ශ්‍රී ලංකා මුද්‍රණ කාර්යාංශය පිහිටුවීම 
  • 1967 සැප්තැම්බර් 16 දින ප්‍රථම මුද්දර ප්‍රදර්ශනය 
  • 1972 මාර්තු මුද්‍රණ නිකුත් කිරීමේ කාර්යය මුද්දර කාර්යාංශයට පැවරීම 
  • 1972 අප්‍රේල් 01 දින ජාතික ඉතිරි කිරීමේ බැංකුව පිහිටුවීම 
  • 1979 ජූනි 28 දින ප්‍රාදේශීය ලිපි තෝරන මධ්‍යස්ථානයක් ප්‍රථම වරට රත්නපුරයේ පිහිටුවීම 
  • 1979 නොවැම්බර් 23 දින ආසියාව ආසියා පැසිෆික් තැපැල් සංගමයට එක් වීම 
  • 1980 අගෝස්තු 15 දින තැපැල් හා විදුලි සංදේශ සේවා වෙන් වශයෙන් දෙපාර්තමේන්තු  දෙකක් යටතට පත් කිරීම 
  • 1981 ජූලි 27 වන දින ප්‍රථම නියෝජිත කාර්යාලය ‘රේඩියෝ ඉලෙක්ට්‍රෝන්ස්’ නමින් බොරැල්ලේ විවෘත කිරීම.
  • 1989 ඔක්තෝබර් 01 දින ජාත්‍යන්තර අධිවේගී තැපැල (EMS) ශ්‍රී ලංකාවේ ආරම්භ කොට මේ වන විට රටවල් 42 සමඟ මෙම සේවාව පවත්වාගෙන යෑම 
  • 1990 ජූලි 02 දින භාරගත් දිනයේම ‘බෙදා හැරීම පදනම’ මත ක්‍රියාත්මක වන මෙරට අධිවේගී තැපැල් ස්පීඩ් පෝස්ට්(speed post)  සේවා මුල් අදියර ආරම්භ වීම  
  • 1992 මැයි 01 දින පළාත් මට්ටමින් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජෙනරාල්වරුන් යටතේ පරිපාලනය විමධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම. දිසා පාලන නිලධාරී කාර්යාල මගින් හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීම 
  • 1994 ඔක්තෝබර් 10 දින කොළඹින් පිට මුල්වරට විදේශ පාර්සල් භාරදීමේ කාර්යාලයක් ගාල්ල තැපැල් සංකීර්ණයේදී ආරම්භ කිරීම.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search