Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

පාර්සල් තැපෑල

ඔබට යැවිය හැකි දෑ ?

තහනම් ගණයට නොවැටෙන භාණ්ඩ

ලිපි ද්‍රව්‍ය හුවමාරුව සඳහා සකස් කිරීම
  1. තැපෑලෙහි දී පාර්සල් සහ ලිපි ද්‍රව්‍යය හා එහි අඩංගු දෑ නැති වීමෙන් හෝ හානි වීමෙන් ආරක්ෂා කර ගැනීමට පමණක් නොව, අනෙකුත් ලිපි ද්‍රව්‍යවලට හානි නොවන ආකාරයෙන් ද සියලු වර්ගවලට අයත් පාර්සල් හා ලිපි හුවමාරු ද්‍රව්‍යය සුදුසු පරිදි ඇසුරුම් කර සකස් කළ යුතු ය.
  2. කැඩී බිඳී යාමට ලක්විය හැකි ස්වභාවයේ භාණ්ඩ කිසිවක් අඩංගු යම් පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය, “බිඳෙන සුළුය” (Fragile) යනුවෙන් සලකුණු කළ යුතු ය.
ඇසුරුම් කිරීම - පොදු කොන්දේසි
  1. පාර්සල් තැපෑල මගින් යවනු ලබන ඇතැම් වර්ගවලට අදාළව නියම කර ඇති විශේෂ ඇසුරුම් ක්‍රමවලට යටත්ව, (අ) අදාළ පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය හා එහි අඩංගු දෑ තැපෑලෙහි දී නැති වීමෙන් හෝ හානි වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහාත්, (ආ) පාර්සල්වල අඩංගු දෑ තැපෑලෙහි දී අපවේශන‍ය කිරීමෙන් වළක්වා ගැනීම සඳහාත්, (ආ) එමගින් අනෙකුත් තැපැල් ලිපි ද්‍රව්‍යවලට යම් ආකාර හානි සිදු වීමෙන් ප්‍රවේශම් කර ගැනීම සඳහාත් වූ සුරක්ෂිත ආකාරයකින් එම පාර්සල් භාණ්ඩ අසුරා, ඒවා ප්‍රමාණවත් ලෙස සවිමත් අසුරනයක හෝ වැසුම් කවරයක බහා, තදින් සවි කර සකසා තිබිය යුතු වන්නේ ය.
  2. පහසුවෙන් ද්‍රව බවට පත්වන දියර වර්ග හා ද්‍රව්‍ය, බිත්තර සහ වීදුරු භාණ්ඩ හෝ වෙනත් බිඳෙන සුළු භාණ්ඩ, “බිඳෙන සුළුය” යනුවෙන් අදාළ පාර්සලයේ මතුපිට පැහැදිලිව සලකුණු කළ යුතු ය.
ඇතැම් වර්ගවලට අයත් භාණ්ඩ ඇසිරීම සඳහා වූ විශේෂ ක්‍රම
  1. තැපෑල මගින් යවනු ලබන වීදුරු භාණ්ඩ හෝ වෙනත් බිඳෙන සුළු භාණ්ඩ, පහසුවෙන් ද්‍රව බවට පත්වන දියර වර්ග හා ද්‍රව්‍ය, බිත්තර, මාළු, මස්, පළතුරු, එළවළු, බටර්, තෙල් හා ග්‍රීස් සහිත ද්‍රව්‍යය, වර්ණ ගැන්වීමේ පවුඩර් වර්ග, චීස් සහ තද ගන්ධයක් සහිත භාණ්ඩ පහත දැක්වෙන අයුරින් අසුරා තිබිය යුතු ය.
    • (අ) වීදුරු භාණ්ඩ හා වෙනත් බිඳෙන සුළු ද්‍රව්‍ය, අදාළ තැපැල් නිලධාරියාට තුවාල සිදු වන සහ අනෙකුත් තැපැල් ලිපි ද්‍රව්‍යවලට හානි සිදු වන යම් අවදානම් වළක්වා ගැනෙන අයුරින් ලෝහ, දැව හෝ ශක්තිමත් ලෙස රැළිගැන්වූ කාඩ්බෝඩ්වලින් සෑදූ පෙට්ටිවල සුරක්ෂිතව අසුරා තිබිය යුතු ය.
    • (ආ) දියර හා තෙල් වර්ග සහ වෙනත් ද්‍රව්‍ය, එනම්, පහසුවෙන් ද්‍රව බවට පත්වන ද්‍රව්‍ය, හොඳින් මුද්‍රා තැබූ භාජනයක බඳුන් ගත කර සුළං නොවදින සේ ඇසිරිය යුතු ය. එබඳු සෑම එක් එක් බඳුනක්ම, එම බඳුන්හි සිදු විය හැකි යම් කාන්දුවීම්වලට ඔරොත්තු දී ඉන් පිටවිය හැකි දියර කාන්දුවීම් උරා ගැනෙන පරිදි ලී කුඩු, කපු පුළුන් හෝ වෙනත් ස්පොන්ජ් වර්ග ප්‍රමාණවත් ලෙස අඩංගු වන සේ ඊට යොදා ඒවා වෙනමම ලෝහ, දැව හෝ ශක්තිමත් ලෙස රැළිගැන්වූ කාඩ්බෝඩ්වලින් සෑදූ පෙට්ටිවල සුරක්ෂිතව තැන්පත් කර තිබිය යුතු ය. එහි පෙට්ටි පියන පහසුවෙන් ඉවත් නොවෙන ආකාරයෙන් සකස් කර තිබිය යුතු ය.
    • (ඇ) බිත්තර, බටර් සහ අනෙකුත් තෙල් හා ග්‍රීස් සහිත ද්‍රව්‍ය, ඇතුළත ආවරණයක තැන්පත් කර එම ආවරණය ආරක්ෂිතව වසා තැබිය යුතු ය. මෙම ඇතුළත ආවරණය, තැපැල් මගින් භාණ්ඩ සම්ප්‍රේෂණය කිරීමේ දී එතුළ අඩංගු දෑ ගැලවී පිටාර යාම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් වන තරමේ ශක්තිමත්භාවයෙන් යුතු දැවයෙන්, ලෝහයෙන් හෝ සමින් සාදන ලද පිටත ආවරණයක් තුළ ද බහා තැබිය යුතු ය. ඇතුළත කවරයෙන් පිටත ආවරණය හරහා ගැලවී පිටාර යා හැකි යම් අන්තර්ගත ද්‍රාවණ අවශෝෂණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් තරමේ ලී කුඩු, පුළුන් හෝ වෙනත් ස්පොන්ජ් වර්ග ප්‍රමාණවත් ලෙස අඩංගු වන සේ පිටත ආවරණය අවට අවකාශය වැසෙන පරිදි යොදා ගත යුතු ය.
    • වර්ණ ගැන්වීමේ පවුඩර් වර්ග, ඇතුළත ආවරණයක් තුළ බහා ආරක්ෂිතව වසා තැබිය යුතු ය. මෙම ඇතුළත ආවරණය ලෝහ, ලී, සම් හෝ කාඩ්බෝඩ් යොදා තැනූ පිටත ආවරණයක් තුළ ද බහා වසා තැබිය යුතු ය.
    • මාළු, මස්, පළතුරු, එළවළු, චීස් සහ තද ගන්ධය සහිත භාණ්ඩ, මීයන් වැනි සතුන්ට ලඟාවිය නොහැකි භාජනවල තැන්පත් කළ යුතු අතර ඒවායේ අඩංගු අන්තර්ගතයේ ගන්ධය ඉන් පිටවීමට ඉඩ නොතැබිය යුතු ය.
    • තැපැල් මගින් සම්ප්‍රේෂණය කෙරෙන අන්තරාවයව (මිනිස් හෝ වෙනත් ආකාර) පහත සඳහන් පරිදි ඇසුරුම් කළ යුතු ය.
      1. (අ) අන්තරාවයව වීදුරු බෝතලයක හෝ බරණියක බහා තිබිය යුතු අතර එහි තොල් කට තදින් සවිවන පියන් වැස්මකින් හෝ කිරළ පොරොප්පයකින් වසා තිබිය යුතු ය. අන්තරාවයව ආරක්ෂා කර ගැනීම සඳහා ඇල්කොහොල් භාවිතා කර ඇති අවස්ථාවන්හි දී, මීමැසි ඉටි හෝ ඉටිපන්දම් ඉටි යොදා සෑදූ වලල්ලක් බෝතලයේ හෝ බරණියේ තොල් කට වටා සවිකර තිබිය යුතු ය. ඒවායේ පියන් වැස්ම හෝ කිරළ පොරොප්පය, තදින් වැද සවිවන ආශයකින් හෝ සමින් තැනූ වැස්මකින් ආවරණයවී තිබිය යුතු ය. ඊට අමතරව, එකී පියන් වැස්ම හෝ කිරළ පොරොප්පය, මුද්‍රා තබා තිබිය යුතු ය.
      2. (ආ) වීදුරු බෝතලය හෝ බරණිය, එහි අඟල් හතරෙන් තුනක් වූ ප්‍රමාණයේ ඝන තට්ටුවක අමු කපු පුළුන් සහිතව අඩංගු වන සේ ශක්තිමත් දැව හෝ ටින් පෙට්ටියක බහා තබා තිබිය යුතු අතර, තවද,
      3. (ඇ) එම පෙට්ටිය රෙදි ආවරණයක බහා වසා තිබිය යුතු ය. මෙම ආවරණය ආරක්ෂිතව වසා මුද්‍රා තබා තිබිය යුතු ය. එම මුද්‍රා එක් එක් මැහුම් සීමාව දිගේ අඟල් 3 නොඉක්මවන පරතරයකින් තබා තිබිය යුතු ය. එමෙන්ම, මුද්‍රා එකම ඉටි වර්ගයකින් යුක්ත විය යුතු අතර උපකරණය ද එක හා සමාන පැහැදිලි හැඟීමක් දරයි. උපාංගය වත්මන් කාසියක් හෝ හුදෙක් සෘජු හෝ හරස් රේඛා මාලාවක් නොවිය යුතුය. විශේෂ ඇසුරුම් අවශ්‍ය ලිපි යවන්නාගේ අවදානම මත යවනු ලැබේ, තැපැල් පැකට්ටු ලියාපදිංචි කර ඇතත්, සිදු විය හැකි අලාභ හෝ හානි සම්බන්ධයෙන් තැපැල්පතිවරයා කිසිදු වගකීමක් භාර නොගනී.­
      4. භාණ්ඩ අනාරක්ෂිත ලෙස ඇසුරුම් කර ඇත්නම්, ඒවා නතර කරනු ලැබේ. එවැනි අනාරක්ෂිත ලෙස ඇසුරුම් කරන ලද පැකට්ටු, “ප්‍රවාහනය කිරීමේ දී වෙනත් තැපැල් පැකට්ටුවලට තුවාල සිදු විය හැකි හෝ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට හානි විය හැකි” තැපැල් ලිපි ද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන බවට මහජනතාවට අවවාද කරන අතර, එබැවින්, ඒවා තැපැල් මගින් යැවීම තහනම් වේ. එවැනි පැකට්ටු යවන තැනැත්තන්, ඒවා ලිපි මගින් හෝ පාර්සල් තැපෑල මගින් යැව්වේ වුව ද, තැපැල් කාර්යාල ආඥාපනත යටතේ දඩ ගසනු ලැබීමට යටත් වේ.
      5. ලිපි තැපෑල මගින් යවන ලද ලිපි කිසිවක් එහි අඩංගු අන්තර්ගතයේ ස්වභාවය හේතුවෙන් සම්ප්‍රේෂණය කළ නොහැකි නම්, එය පාර්සල් තැපෑල මගින් යැවීම පිළිගත්ත ද, අක්‍රමවත් ලෙස තැපැල් කළ පාර්සලයක් සේ සලකා ගාස්තු අය කරනු ලැබේ. පාර්සල් තැපෑල මගින් පිළිනොගන්නේ නම්, එම පැකට්ටුව රඳවා තබා ගැනීමට යටත් වන අතර, තැපැල්පතිවරයා විසින් විධානය කරනු ලබන පරිදි ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇත.
පාර්සල් තැපෑල් සේවාව

වෙනත් සේවාවන් යටතේ යැවිය නොහැකි භාණ්ඩ තැපෑලෙන් යැවීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමයකි. තහනම් ගණයට නොවැටෙන ඕනෑම භාණ්ඩයක් මෙමගින් යැවිය හැක.

මිණුම් ප්‍රමාණ

  • වැඩිතර දිග – 1,070 mm
  • වැඩිතර දිග + වට ප්‍රමාණය ඒකාබද්ධව – 2,000 mm
  • නිදසුන්:-වැඩිම මිණුම් දිග ලෙස ගණනය වන මිලි මීටර 1,070 ක් වූ යම් පාර්සලයක්, එහි වට ප්‍රමාණයේ මිණුම ලෙස මිලි මීටර 760 ක් තරම් වූ මිණුමකින් ගණනය විය හැකි ය. එනම්, එහි ඝනකම වැඩිම කොටස වටා හෝ කෙටි පාර්සලයක් වඩා ඝන විය හැකි හෙයින්, එය දිගින් මිලි මීටර 1,000 කට වඩා මැනෙන්නේ නම්, එය, එහි වට ප්‍රමාණයෙන්, එනම්, එහි වැඩිම ඝනකම සහිත කොටස වටා, මිලි මීටර 1,000 ක් තරම් වූ මිණුමකින් ගණනය වීමට පිළිවන.

අවම පිරිවැය
රු. 150.00

උපරිම පිරිවැය
රු. 900.00

උපරිම බර
20kg
පාර්සලයක් එහි විශාලත්වය, හැඩය හා එය ඇසුරුම් කරන ආකාරය හෝ වෙනත් යම් හේතුවක් කරණකොට ගෙන බරපතල අපහසුතාවයකින් හෝ අවදානමකින් තොරව තැපැල් මගින් රැගෙන යා නොහැකි ආකාරයේ යම් වර්ගීකරණයකට අයත් නොවිය යුතු ය.

ගාස්තු ගණනය කිරීම සඳහා >>>
පවත විමසිය නොහැක
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search