Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

සාමාන්‍ය ලිපි /ජාත්‍යන්තර තැපෑල

අඩු මුදලකින් ලිපි යැවීමට - අප හා එක්වන්න
  • A popular type of postal item used to send items other than those that cannot be sent in letters. (Only letters or documents can be sent under letter mail.) Air Mail and Sea Mail are both available.
  • ලිපි, ලියුම් පෙට්ටියකට තැපැල් කළ හැකි නමුත් පහත අවස්ථා වලදී කවුළුවකට ඉදිරිපත් කළ යුතුය.
    • ලිපිය ලියාපදිංචි කිරීම සඳහා
    • ලිපිය රක්ෂණය කිරීම සඳහා
    • මුද්දර යන්ත්‍ර මඟින් තැපැල් ගාස්තුව ගෙවන ලද ලිපි සඳහා
    • ලියුම් පෙට්ටියට දැමීමට තරම් විශාලත්වයෙන් වැඩි ලිපි
    • තැපැල් කිරීමේ සහතිකයක් මත තැපැල් කරන ලිපි
    • අධිවේගී ලිපි
    • විදේශීය තොග තැපෑල යටතේ තැපැල් කරන ලිපි
  • කවුළුවෙන් භාර ගන්නා ඉහළ වටිනාකමකින් යුත් මුද්දර සහිත අයිතම වල මුද්දර, එම භාණ්ඩ භාර දෙනු ලබන පුද්ගලයා ඉදිරිපිටදී කවුළු නිළධාරියා විසින් අවලංගු කරනු ලැබේ. මෙම අයිතම කිසිදු හේතුවක් මත හෝ ආපසු යවනු නොලැබේ. එමෙන්ම, මහජනතාව සඳහා කවුළුව විවෘතව පවත්නා ඕනෑම අවස්ථාවකදී මෙම අයිතම භාර ගනු ලැබේ
තැපැල් ගාස්තු ගණනය කිරීම සඳහා >>>
ලියාපදිංචි කළ ලිපි සඳහා පවත විමසිය හැකිය
ප්‍රමාණ සහ බර සීමාවන්
    • උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,

උපරිම දිග + පළල+උස               :900mm
දිගම පැත්තේ උපරිම දිග              :610mm

රෝල් ආකාරයෙන් නම්,

උපරිම දිග + (විශ්කම්භයය x 2)                 : 1037 mm
දිගම පැත්තේ උපරිම දිග                           : 889 mm

    • අවම ප්‍රමාණ සීමාවන් වන්නේ,,

අවම දිග                                             : 140 mm
අවම පළල                                             : 90 mm

දිග, හතරැස්, ශක්තිමත් කාඩ්බෝඩ් නිෂ්පාදිතයක් සඳහා නම්, අවම ප්‍රමාණ සීමාව වන්නේ, ,
යාබද පැති දෙකෙහි දිගවල එකතුව           : 160 mm
අඩුම දිග සහිත පැත්තේ දිග            : 40 mm

  • උපරිම බර 2kg
නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද ලිපි
  • නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද ලිපි සඳහා, යවන්නා සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම සිදු කරනු ලැබේ. කෙසේනමුත්, යවන්නා සම්බන්ධ කර ගැනීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ නම් ගුවන් තැපැල් මඟින් යැවීම සඳහා ලබා දෙන ලද ලිපි සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ.
    • ගුවන් තැපැල් ගාස්තුව ගෙවා නොමැති නම්, අයිතමය මුහුදු තැපෑල මඟින් යවනු ලබන අතර මුහුදු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
    • ගුවන් තැපැල් ගාස්තුවෙන් කොටසක් ගෙවා ඇත්නම් සහ එසේ ගෙවන ලද ගාස්තුව ගුවන් තැපැල් ගාස්තුවෙන් 75%කට නොඅඩු වේ නම්, එම අයිතමය මුහුදු තැපැල් මඟින් යවනු ලබන අතර ගුවන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
    • ගුවන් තැපැල් ගාස්තුවෙන් කොටසක් ගෙවා ඇත්නම් සහ එසේ ගෙවන ලද ගාස්තුව ගුවන් තැපැල් ගාස්තුවෙන් 75%කට වඩා අඩු වේ නම්, එම අයිතමය මුහුදු තැපැල් මඟින් යවනු ලබන අතර මුහුදු තැපැල් ගාස්තුවෙහි අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක ගාස්තුවක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
    • ඉහත අවස්ථා වලදී නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද ලිපි මත අය කරන අවම අධිභාරය රට අනුව වෙනස් වන අතර ශ්‍රී ලංකාවේ නම් එය රු. 160/-කි.
    • යවන්නාට නිවැරදි කළ නොහැකි මුහුදු තැපැල් මඟින් යැවීම සඳහා ලබා දුන් ලිපි සඳහා, අවම තැපැල් ගාස්තුව හෝ ගාස්තුවෙහි හිඟ මුදල අනුව අධිභාරයක් අය කරනු ලැබේ.
විශේෂ විධිවිධාන
  • ලිපි හිමියා හෝ ඔහු සමඟ ජීවත් වන අයගේ හැර වෙනත් පුද්ගලයකුගේ පෞද්ගලික ආකාරයේ ලිපියක්, සටහනක් හෝ ලියවිල්ලක් ලිපියෙහි අඩංගු නොවිය යුතුය
  • ලිපියෙහි දකුණු පස ඉහළ ගාස්තු සඳහාද දකුණු පස පහළ පැත්ත ලිපි හිමියාගේ ලිපිනය සඳහාද වම් පස පහළ යවන්නගේ ලිපිනය සඳහාද වෙන් කළ යුතුය. යවන්නාගේ ලිපිනය ඉදිරිපස ලිවිය නොහැකි නම් පසු පස ලිවිය යුතුය. (යවන්නාගේ ලිපිනය අත්‍යාවශ්‍ය නොවේ)
  • කාසි (බැංකු නෝට්ටු, මුදල් නෝට්ටු,හුවමාරු බිල් වැනි) සහ ආභරණ (රන්, රිදී, ප්ලැටිනම් හෝ ඒවායෙන් සාදන ලද උපකරණ, මැණික්, රන් හෝ රිදී ආභරණ වැනි) ලිපි තැපෑල මඟින් යැවිය හැකි නමුත් ඒවා යැවිය යුත්තේ මුද්‍රා තබන ලද ලියාපදිංචි ලිපි ආකාරයෙනි.
  • ලිපියක් එහි පෙනුම අනුව වෙනත් වර්ගයක තැපැල් අයිතමයක් ලෙස වරදවා හඳුනා ගත හැකි බැවින් එවැනි ලිපියක ඉදිරිපස ‘ලිපිය’ ලෙස ලිවිය යුතුය.
  • ලිපි ලියාපදිංචි කළ හැකිය. ඒවා රක්ෂණය කළ හැකිය. තැපැල් ගාස්තු සහතික පත් ලබා ගත හැකිය.
  • ඒවා විවිධ කාළගුණික තත්වයන් හරහා දිගු දුරක් ගමන් කරන බැවින්ද, විදේශයන් වෙත යාමේදී විවිධ ස්ථාන වලින් හුවමාරු වන බැවින්ද, ඒවා වඩා හොඳින් අසුරා සකස් කර යැවිය යුතුය.
ව්‍යවස්ථා සහ තහනම් කිරීම් වලට පටහැනි ලිපි
  • ව්‍යවස්ථා සහ තහනම් කිරීම් වලට පටහැනි ලිපි, ලිපි වශයෙන් යැවීම සඳහා ගෙවීම් සිදු කර තිබුනද ඒවා මාරු කළ හැකි නම් පාර්සල් තැපැල් වශයෙන් මාරු කරනු ලැබේ.
  • කෙසේනමුත් එවැනි ලිපි ප්‍රමාණ සීමාවන් ඉක්මවන්නේ නම් හෝ පාර්සල් ලෙස යැවීමට ප්‍රමාණවත් ආකාරයෙන් ඇසුරුම් කර නොමැති නම් හෝ පාර්සල් තැපෑල වෙත එවැනි අයිතම භාරගත නොහැකි නම් ඒවා යවනු නොලැබේ.
  • වෙනත් හේතූන් මත (මාළු වැනි නරක් වන භාණ්ඩ අඩංගු වීම වැනි) පාර්සල් තැපෑලට මාරු කිරීම සඳහා සුදුසු නොවන සහ සෞඛ්‍යයට හානිකර මෙන්ම අප්‍රසන්න ලිපි ඉක්මනින් විනාශ කරනු ලැබේ.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search