ඉ-ටෙලිමේල් සේවාව
ඔබගේ හදිසි පණිවුඩ යැවීමට ඉ-ටෙලිමේල් සේවාව සමඟ එකතුවන්න
ශ්‍රි ලංකා තැපැල් ඉ-ටෙලිමේල් සේවාව සමඟින් ඔබගේ පණිවුඩ ඉතා ඉක්මනින් දිවයිනපුරා බෙදාහැරීම සිදුකළ හැක.
ඉ-ටෙලිමේල්හදිසි පණිවුඩ හුවමාරු කිරීම සඳහා මෙතෙක් පැවති ටෙලිමේල් සේවාව තවදුරටත් ටේගවත් හා විධිමත් කරමින් අන්තර්ජාලය හරහා පණිවුඩ හුවමාරු කිරීම සඳහා ඉ-ටෙලිමේල් සේවාව 2015-12-01 දින සිට ආරම්භ කරන ලදී. ඉහත සඳහන් කර ඇති ටෙලිමේල් සේවාව ලබා ගැනිමෙදී දී අනුගමන කළ යුතු පියවරයන් මෙම සේවාව ලබා ගැනීමේදීත් අනුගමනය කළ යුතු අතර පවතින ගාස්තු හා අය කිරිම්වල කිසිඳු වෙනස් වීමක් සිදු නොටේ. එකම පණිවුඩය ලබන්නන් වැඩි දෙනෙකුට යවන පාරිටභෝගිකයන් සඳහා තමන්ගේ පණිවුඩය සහ ලබන්නන්ගේ ලිපින අඩංගු ලැයිස්තුවක් MS Excel ගොනුවක් ලෙස තැපැල් කාර්යාලයට භාර දිය හැකිය.
විශේෂ සේවා
- බෙදීම තහවුරු කරන ටෙලිමේල් පණිවුඩය
- පිළිතුරට ගෙවීමේ ටෙලිමේල් පණිවුඩය (මෙම සේවා අවශ්‍ය ද නැද්ද යන්න TM 01 අකෘති පත්‍රටේ සඳහන් කළ යුතුය.)
අය කරනු ලබන ගාස්තු
➢ පණිවුඩටේ පළමු වචන10 දක්වා – Rs.50.00
➢වැඩිවන සෑම වචනයක් සඳහා – Rs. 5.00
➢ ස්ථාවර ගාස්තුව – Rs.50.00
➢ බෙදීම සනාථ කර ගැනීමට අවශ්‍යනම් – Rs.30.00
➢ යවන ලද මුල් පණිවිඩයේ පිටපතෙහි සහතික කළ පිටපතක් සඳහා – Rs.100.00
(යවන්නාගේ/ ලබන්නාගේ ඉල්ලීම මත)
ගාස්තු අය කිරීම
➢පණිවුඩයෙහි වචන වලට පමණක් ගාස්තු අය කරන අතර නම් ලිපින සඳහා ගාස්තු අය නොකරේ.
➢ බෙදීම් සනාථ කිරීමේ තොරතුරු අවශ්‍ය නම් හෝ පිළිතුරට ගෙවූ සේවාව අවශ්‍ය නම් ඒ සඳහා වූ මුදල්, ආරම්භක කාර්යාලයේදී ගෙවිය යුතුය.
➢භාරගත් මුදල් සඳහා කුවිතාන්සියක් TM 3 (ආකෘතිය -02 ) මඟින් පිටපතක් සහිතව නිකුත් කරනු ලැබේ.
➢ ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් බෙදීමේ පහසුකම ඇති ඕනෑම
ගමනාන්ත තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් හරහා ලිපිනය වූ ටෙලිමේල් පණිවුඩ සම්ප්‍රේශණය හා
බෙදීම සඳහා භාර ගනු ලැබේ.
➢ යවන්නාටේ පණිවුඩය හා ඊට අදාල අනෙකුත් තොරතුරු TM 01(ආකෘතිය- 01) දරණ ටෙලිමේල්
පණිවුඩ පෝරමයක් සම්පූර්ණකර ලබා දිය යුතුය.
➢ ආකෘතිය 01 හි A කොටස පාරිභෝගිකයා විසින් සම්පූර්ණ කළ යුතු වන අතර B කොටස කාර්යාලීය
ප්‍රෙයා්ජනය සඳහා ටේ.
➢ ලබන්නාටේ නම හා ලිපිනය නිවැරදිව පැහැදිලිව සටහන් කළ යුතු ටේ.
➢ නියමිත ස්ථානටේ පණිවුඩය සටහන් කළ යුතු ටේ.
➢ ටෙලිමේල් පණිවුඩටේ අසභ්‍ය, අපහාසාත්මක හා අශිෂ්ඨ වචන සඳහන් වී ඇත්නේ එවැන්නක් භාර නොගැනේ.
➢ පණිවුඩය සටහන් කර සත්‍ය අත්සන තැබිය යුතුය.
තැපැල් ස්ථානාධිපති / කවුළු නිලධාරියා විසින් ටෙලිමේල් පණිවුඩය භාර දෙනු ලබන පුද්ගලයා කවරකුද යන්න සනාථ කිරීමට ඉල්ලීම් කළ විටදී අනනයතාවය සහ භාර දීම සිදු කරන්නේ නියෝජිතයකුනම් යවන්නාගේ බලය ලැබුණු ආකාරය සනාථ කළ යුතු ටේ.
➢ ටෙලිමේල් පණිවුඩය බෙදනු ලබන්නේ TM 01 හි සඳහන් කරන ලද ලබන්නාගේ ලිපිනයටය. බෙදීමෙදී එය භාර ගන්නා තැනැත්තාගේ අත්සන ලබා ගනී. පිළිතුරට ගෙවූ පණිවිඩයක් නම් තැපැල් ස්ථානාධිපතිගේ අත්සන හා දින මුද්‍රාව තැබූ TM 02 (ආකෘතිය -03 ) පෝරමයක් පණිවුඩය සමඟ ලැබෙනු ඇත. එහි ලබන්නාටේ පණිවුඩය සටසන් කොට දිය යුතුය.
➢ ටෙලිමේල් පණිවුඩ අයිතිකරුට භාර නොදුන් අවස්ථාවලදී නොබෙදූ ටෙලිමේල් පණිවුඩ පිළිබඳ දැන්වීම TM 6 (ආකෘතිය -04) පෝරමය මඟින් නොබෙදීමට හේතුව දක්වා දැනුම් දීම කරනු ලැබේ.
දුරකතන අංක
- අලෙවිකරණ හා පර්යේෂණ අංශය – 011 2695372
- තොරතුරු තාක්ෂණ අංශය – 011 2542104/011 2334728/011 2335978
- ව්‍යපාරික වට්සැප් අංකය – 070 2847623
- ක්ෂණික ඇමතුම්– 1950
විද්‍යුත් ලිපිනය
- අලෙවිකරණ හා පර්යේෂණ අංශය – supdt.mkt@slpost.lk
- තොරතුරු තාක්ෂණ අංශය – info.it@slpost.lk
