Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

තැපැල්පත්

තැපැල්පත් (ජාත්‍යන්තර)

සුභ පැතුම් යැවීමට, සංචාරක අත්දැකීම් බෙදා ගැනීමට හෝ අඩු වියදමකින් මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට තැපැල්පත් භාවිතා කරන්න. සේවාව ලබා ගත හැක්කේ ගුවන් තැපෑලෙන් පමණි.

  • ශක්තිමත් කඩදාසි හෝ කාඩ්බෝඩ් වලින් සාදන ලද තනි හෝ දෙපැත්ත නවන ලද පත්‍රිකා (හොඳින් ගම් ගා අලවන ලද), විදේශ තැපැල්පත් ලෙස සළකනු ලැබේ.
  • තැපැල්පත් ආවරණ රහිතව එනම් එතුම් කඩදාසි හෝ කවරයක් රහිතව යැවිය යුතුය. ඒවා යැවිය හැක්කේ ගුවන් තැපැල් මඟින් පමණි. ඒවා ලියාපදිංචි කල හැකිය. මේ සඳහා අමතර ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතුය.
තැපැල් ගාස්තුව රු 70/= ක් පමණි
පවත විමසිය නොහැක
  • තැපැල්පතක් සඳහා තැපැල් ගාස්තුව කළින් ගෙවා නොමැති නම්, තැපැල්පත ලිපි හිමියා වෙත ලබා දීමට පෙර අධිභාරයක් අය කරනු ලැබේ. අධිභාරය ගෙවිය යුතු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයකි. අවම අධිභාරය වන්නේ රු.160/- කි..
ප්‍රමාණ සීමාවන්
    • උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,

උපරිම දිග               :159mm
උපරිම පළල            :100mm

    • අවම ප්‍රමාණ සීමාවන් වන්නේ

අවම දිග                : 140 mm
අවම පළල             : 90 mm

නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද තැපැල්පත්
  • නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද තැපැල්පත් ප්‍රථමයෙන් යවන්නා විසින් නිවැරදි කළ යුතුය.
  • යවන්නා වෙතින් නිවැරදි කර ගත නොහැකි තැපැල්පත් සඳහා, නියමිත ගාස්තුවෙහි හිඟ මුදල මෙන් දෙගුණයක ගාස්තුවක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
විශේෂ නීති
  • තැපැල්පතෙහි දකුණු පස ලිපිනය සහ තැපැල් සටහන්, ලේබල් සහ තැපැල් මුද්දර සඳහා වෙන් කරනු ලැබේ
  • ලිපිනය සහිත පැත්ත සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ කපා දමා තැපැල්පත් යැවීම තහනම්ය. (එසේ වී නම් ලිපිනය නැවත ලිවිය හැකිය)
  • යවන්නා විසින් පහත විධිවිධානයන්ට අනුකූලව තැපැල්පතෙහි වම්පස සහ/හෝ පිටුපස භාවිතා කරනු ඇත.
  • වෙළඳ භාණ්ඩ හෝ එම නියැදි හෝ ඒ හා සමාන වෙනත් ද්‍රව්‍ය තැපැල්පතට අමුණනු නොලැබේ.
    • කෙසේනමුත්, නිදර්ශන, ඡායාරූප, මුද්දර හෝ ඕනෑම ආකාරයක කඩදාසි ලේබල් හෝ වෙනත් සිහින් ද්‍රව්‍ය තැපැල්ලතට ඇමිණිය හැකිය.
    • අමුණන ලද ද්‍රව්‍ය තැපැල්පතට සම්පූර්ණයෙන් අමුණා ඇත්නම් සහ එවැනි ඇමිණුමක් මඟින් තැපැල්පතෙහි පෙනුම වෙනස් නොකරන්නේ නම් පමණක් ඒවා යැවිය හැකිය.
    • ලිපිනය සහිත පැත්ත සම්පූර්ණයෙන් ආවරණය වී ඇත්නම් ලිපිනය සහිත ලේබල් ඇමිණිය හැකිය.
  • තැපැල් මුද්දර ලෙස වරදවා වටහා ගත හැකි මුද්දර තැපැල්පතෙහි පිටුපස පමණක් ඇලවිය යුතුය.
  • තැපැල්පතක ලිපිනය පැත්තේ දකුණු පස සෑම විටම ලබන්නාගේ ලිපිනය, තැපැල් මුද්දරය සහ තැපැල් උපදෙස් (තැපැල් ලේබල් වැනි) සඳහා වෙන් කර ඇත. මුද්දරය ඉහළින් ඇලවිය යුතුය
  • තැපැල්පතක ලිපිනය පැත්තේ වම් පස අපසු එවිය යුතු ලිපිනය ලිවීමට හෝ වෙනත් ලිපියක් ලිවීමට භාවිතා කරනු ලැබේ. තැපැල් පතෙහි පිටුපස අවශ්‍ය තොරතුරු ලිවීම සඳහා භාවිතා කරනු ලැබේ.
  • තැපැල් ගාස්තු ලෙස වරදවා වටහා ගත හැකි සියළුම මුද්දර තැපැල්ලතෙහි පිටුපස පමණක් ඇලවිය යුතුය.
ව්‍යවස්ථා සහ තහනම් කිරීම් වලට පටහැනි තැපැල්පත්
  • ව්‍යවස්ථා හෝ ප්‍රමාණ සීමාවන් උල්ලංඝනය කරන තැපැල්පත් තැපෑලේදී සොයා ගතහොත් ඒවා ලිපි වශයෙන් සළකනු ලැබේ.
  • කෙසේ නමුත්, සිදුකර ඇති එකම වරද වශයෙන් තැපැල් ගාස්තු සඳහා වන මුද්දර තැපැල්පතෙහි පිටුපස අලවා තිබේ නම්, අදාළ තැපැල් ගාස්තුව ගෙවා නොමැති බවට සළකනු ලැබේ.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search