තැපැල් භාණ්ඩ ආපසු යැවීමේ සේවාව
- තැපැල් කරන ලද භාණ්ඩ ලිපිහිමියාගේ අවසරයකින් තොරව යවන්නා වෙත ආපසු යැවීමට හැක.
- තැපෑල මඟින් යැවීම යන ක්‍රියාවලියේදී, යවන්නා හෝ ඔහු විසින් ලිඛිතව බලය පවරන ලද පුද්ගලයකුට හැර වෙනත් අයකුට භාණ්ඩ ආපසු ලබා දෙනු නොලැබේ.
- මේ සඳහා
- මේ සඳහා
- තැපැල් අමාත්‍යවරයාගේ
- තැපැල්පතිගේ
- තැපැල්පති විසින් බලය ලබා දෙන නිළධාරියෙක්ගේ අවසරය අනිවාර්ය වේ
(මෙහි, තැපැල්පති යන්න නියෝජ්‍ය තැපැල්පතිද ඇතුළත් වේ.
තැපැල්පතිගේ බලය ලත් නිළධාරියා යනු දිසා තැපැල් අධිකාරී සහ තැපැල් අධිකාරී වේ.
.) - 4. ඕනෑම භාණ්ඩයක් ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය ඉහත නිළධාරියකු වෙත යවන්නා හෝ ඔහු විසින් ලිඛිතව බලය පවරන ලද පුද්ගලයකු විසින් සෘජුවම ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැති නම් එය තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති හරහා යැවිය යුතුය.
- සෑම අයදුම්පතක් සමඟම භාණ්ඩය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට හේතු සඳහන් කරන ලද ලියවිල්ලක් යොමු කල යුතුය. මෙම ලියවිල්ල මුද්‍රා තබන ලද ලියුම් කවරයක බහාලිය යුතු අතර ඉහත බලය ලත් නිළධාරීන් විසින් පමණක් එය විවෘත කළ යුතුය. .
- 6. තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් ලබා දී ඇති හේතු ප්‍රමාණවත් වේ නම් සහ අයදුම්කරු විසින් භාණ්ඩය යවා ඇති බවට සෑහිමකට පත් වේ නම් අදාළ බලධාරීන් විසින් ආපසු යැවීම සදහා නියෝගයක් ලබා දෙනු ඇත.එසේ නොමැති නම් භාණ්ඩය එහි ලිපිනය වෙත ඉක්මනින් යවනු ලැබේ.
- 7. මෙම අයදුම්පත සමඟ මේ සඳහා වන ගාස්තුව මුද්දර මඟින් ගෙවිය යුතු වේ.මෙම ගාස්තුව රු.50/- කි.
- T8. විදේශ තැපැල් භාණ්ඩ ආපසු එවීමේදී ඒ සඳහා ගාස්තුවක් දැරිය යුතු වේ.
- • සම්පූර්ණ තැපැල් ගාස්තුව, අදාළ රට සඳහා ලියාපදිංචි ගාස්තුව සහ තැපැල් කාර්යාලයෙන් ආපසු ගැනීමේ ගාස්තුව රු. 130/-
- විදේශ තැපැල් භාණ්ඩ තවමත් රට තුළ තිබේ නම් පමණක් රු.50/- ක් ප්රමාණවත්ය.
ලිපිනය වෙනස් වීමේදීද මෙම නීති අනුගමනය කළ යුතුය.
