Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

පාර්සල් තැපැල් සේවය - විදේශ

විදේශ ගමනාන්ත සඳහා පාර්සල් යැවීමට

පාර්සල් තැපෑල යනු ලිපි/ලේඛන හෝ කුඩා පැකැට්ටු ලෙස වර්ගීකරණය නොකරන ලද තැපැල් පාර්සල් බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා තැපෑල මඟින් පිරිනමනු ලබන සේවාවකි.

ශ්‍රී ලංකා තැපෑල විසින් නියම කරන ලද රෙගුලාසි සහ ගමනාන්ත රටවල් සඳහා අදාල වන ජාත්‍යන්තර එකඟතා වලට අනුව මෙම පාර්සල් සාමාන්‍යෙයන් කිලෝග්‍රෑම් 30 දක්වා බරින් යුක්ත වේ (රටවල් අනුව බර සීමාවන් වෙනස් වේ).  

* මිල ගණන් බර සහ ගමනාන්ත රට අනුව තීරණය වේ.

ශ්‍රී ලංකා තැපැල් විදේශ තැපැල් ගාස්තු ගණනය කිරීම - සබැඳිය >>>
Track your parcel >>>

පවත සේවාව සියළුම රටවල් සඳහා ලබා දෙනු ලබයි.

මීට අමතරව, ගමනාන්ත රටෙහි නිල තැපැල් වෙබ් අඩවි මඟින් සපයනු ලබන පවත සේවාවන්ද භාවිතා කළ හැක.

පාර්සලයේ විශාලත්වය

විශාලත්වය ගමනාන්ත රටෙහි රෙගුලාසි මත පදනම් වේ.

ප්‍රමාණයන්හි සීමාවන්:
පාර්සලයේ දිගම පැත්තේ උපරිම දිග :
ගමනාන්ත රට මත පදනම්ව සෙ.මී.100 හෝ සෙ.මි.150 වනු ඇත. (අදාළ උපරිම දිග සීමාවන් සඳහා කරුණාකර පහත රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)

පාර්සලයේ උපරිම විශාලත්වය:
පාර්සලයේ උපරිම විශාලත්වය = වට ප්‍රමාණය + දිග

පාර්සලයේ උපරිම විශාලත්වය ගමනාන්ත රට මත රඳා පවතී. (අදාළ උපරිම දිග සීමාවන් සඳහා කරුණාකර පහත රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)

EMS/ගුවන්/මුහුදු/ SAL පාර්සල් සඳහා උපරිම විශාලත්ව සහ බර සීමාවන් සඳහන් රටවල් ලැයිස්තුව >>>
විශේෂ උපදෙස්
තහනම් කරන ලද, නියාමනය කරන ලද සහ අනතුරුදායක භාණ්ඩ
  • පාර්සල් තැපෑල හරහා යවනු ලබන සියළු අයිතම ශ්‍රී ලංකා තැපෑලේ නියාමනයන් මෙන්ම ගමනාන්ත රටෙහි තහනම් කරන ලද, සීමා කරන ලද සහ අනතුරුදායක භාණ්ඩ පිළිබඳ නියාමනයන්ට අනුකූල විය යුතුය. ඕනෑම පාර්සලයක් යැවීමට පෙර මෙම ක්‍රියාමාර්ගයන් ඉතා සැලකිලිමත්ව පරීක්ෂා කර බලන මෙන් පාරිභෝගිකයන්ට දැඩිව උපදෙස් දෙනු ලැබේ.

තහනම් භාණ්ඩ මාර්ගගතව සොයා ගැනීමට >>
pdf ලෙස භාගත කිරීමට >>
xls ලෙස භාගත කිරීමට >>
ඇසුරුම් අවශ්‍යතා
  • හැසිරවීමට හා ප්‍රවාහනයට ඔරොත්තු දෙන ආකාරයෙන් සියළු පාර්සල් ශක්තිමත් හා ආරක්ෂිත ලෙස ඇසුරුමි කර ඇත බවට පාරිභෝගිකයන් තහවුරු කර ගත යුතුය. දුර්වල සහ  ප්‍රමාණවත් නොවන ඇසුරුම්කරණය පාර්සලයට හානි සිදු වීමට හෝ එය භාර නොගැනීමට හේතු වනු ඇත.

නැව්ගත කිරීමේ ක්‍රමය මත පදනම්ව බෙදාහැරීමේ කාලය
  • මුහුදු පාර්සල් ක්‍රමය තෝරා ගැනීමේදී එය බෙදා හැරීම සඳහා ගුවන් පාර්සල් සේවයට සාපේක්ෂව සැලකිය යුතු තරම් දීර්ඝ කාලයක් ගන්නා බව කාරුණිකව සලකන්න. ඔබගේ බෙදා හැරිමේ කාල රාමුව සඳහා හොඳින්ම ගැළපෙන නැව්ගත කිරීමේ ක්‍රමය තෝරාගන්න

සේවා ක්‍රමය

පාර්සල් තැපෑල සඳහා පාරිභෝගිකයාට ගුවන්, SAL හෝ මුහුදු යන සේවා ක්‍රමයන් තෝරා ගත හැකිය.

ගුවන් – වේගවත්ම ක්‍රමයයි ; ගුවන් යානය මඟින් යවනු ලැබේ

SAL – ඉඩ පහසුකම් ඇති අවස්ථාවලදී ගුවන් මඟින් යවනු ලැබේ

මුහුදු – දිගු බෙදා හැරීමේ කාලයක් සහිතව නැව් මඟින් යවනු ලැබේ

සේවාව සහිත රටවල් ලැයිස්තුව
ගුවන් පාර්සල් >>
SAL පාර්සල් >>
මුහුදු පාර්සල් >>

මුහුදු පාර්සල් සේවාව ලබා දෙන රටවල් ලැයිස්තුව සෑම මාසයකදීම යාවත්කාලීන කරනු ලැබේ.

පාර්සල් තැපෑල මඟින් භාණ්ඩ ලැබීම
  • ශ්‍රී ලංකාවට ලැබෙන සියළුම තැපැල් පාර්සල් රේගු පරීක්ෂාවට සහ ශ්‍රී ලංකා රේගුව මඟින් නිෂ්කාශනය කරනු ලැබීමට යටත්ය.
  • යම් පාර්සලයක් නිෂ්කාශනය කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා තැපෑල විසින් අදාළ ලියවිලි ඇතුළත් කර ලබන්නා හට නිල නිවේදනයක් නිකුත් කරනු ලැබේ.
  • මෙම නිවේදනය මඟින් පාර්සලය නිදහස් කර ගැනීම හෝ ලබන්නාගේ ලිපිනය වෙත බෙදාහැරීම සදහා වන උපදෙස් සපයනු ලබයි.
අපව සම්බන්ධ කර ගන්න

ක්ෂණික ඇමතුම් – 1950

මධ්‍යම තැපැල් හුවමාරුව – (+94) 112320700
මධ්‍යම තැපැල් හුවමාරුව (විදේශ තැපැල් පාර්සල් අංශය) – (+94) 112449886
තැපැල් මූලස්ථානය (ජාත්‍යන්තර තැපැල් සේවා අංශය)
011-2328301-3
Email – info@slpost.lk , as.parcel@slpost.lk

Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search