පොළොන්නරුව නව තැපැල් කාර්යාලය විවෘත කිරීම

















ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි එදින ඒ ආ සමඟාමීව මුද්දර උප කවුළුවක් සහ COD කවුළුවක් ද විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා කතා කරමින් රජය තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1300 ක් වෙන් කර ඇති බවත් ඒ අනුව වසර ගණනාවක් පුරා කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස තැපැල් කාර්යාල නව ගොඩනැගිලි සහ තැපැල් වාහන අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇති බවත්, තැපැල් සේවාවේ ඉදිරි ඉලක්ක ජය ගැනීමට කටයුතු කරමින් මෙම තැපැල් කාර්යාලය හරහා ජනතාවට අත්‍යාවශ්‍ය නව සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යතුමන් කතා කරමින් මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි. ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස තැපැල් සේවාව පත් කිරීමට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
මෙම අවස්ථාව සඳහා නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මැතිතුමා, පොළොන්නරුව මහ නගර සභාවේ සභාපති ලලිත් තිස්ස කෝරලගේ මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පි බණ්ඩාර මැතිතුමා සහ බී.එම්.එස් රත්නසිරි මැතිතුමා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා, නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා, නියෝජ්‍ය තැපැල්පති(උතුරු මැද) සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක හා මාණ්ඩලික නිළධාරී මහත්ම මහත්මීන් මෙන්ම පොලොන්නරුව ව්‍යාපාරික ප්‍රජාව, නව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
