Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்
මුද්‍රිත ද්‍රව්‍ය (ජාත්‍යන්තර)
මුද්‍රිත ද්‍රව්‍ය (ජාත්‍යන්තර)
  • පුවත්පත් සහ වාර සඟරා, පොත්, පත්‍රිකා, නාම පත් සහ ලිපින කාඩ්පත් වැනි දෑ, අත්පිටපත් සහ ඒවායේ මුද්‍රණ තහඩු සහිතව හෝ මුද්‍රණ තහඩු රහිතව, කැටයම්, ඡායාරූප සහ ඒවා අඩංගු ඇල්බම්, රූප, සැලසුම්, සිතියම් සහ ඒවායේ අවශ්‍ය පත්‍රිකා නිර්මාණ, මුද්‍රිත හෝ කැටයම් කරන ලද හෝ පිටසන් කරන ලද මිල දර්ශන, ප්‍රචාරක දැන්වීම්, අත්පත්‍රිකා, දැන්වීම් වැනි දෑ සාමාන්‍ය යෙන් මුද්‍රිත ද්‍රව්‍ය ලෙස සළකනු ලැබේ.
  • අත්පිටපතක පිටපත් හෝ එහි ටයිප් කරන ලද පිටපතක් මුද්‍රිත ද්‍රව්‍ය ලෙස යැවීමේදී, අවම වශයෙන් ඒ හා සමාන පිටපත් 20ක් පැකට්ටු ආකාරයෙන් යැවිය යුතුය.
  • මෙම තැපැල් භාණ්ඩ ඕනෑම අවස්ථාවකදී තැපැල් කාර්යාලය තුළ පරීක්ෂාවට ලක් කළ හැක.
  • ගුවන් තැපෑලෙන් මෙන්ම මුහුදු තැපෑලෙන්ද යැවිය හැකිය.
තැපැල් ගාස්තු >>
පවත විමසිය නොහැක
ප්‍රමාණ සහ බර සීමාවන්
    • උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,

උපරිම දිග + පළල+උස              :900mm
දිගම පැත්තේ උපරිම දිග             :610mm

රෝල් ආකාරයෙන් නම්,

උපරිම දිග + (විශ්කම්භයය x 2)                : 1037 mm
දිගම පැත්තේ උපරිම දිග             : 889 mm

    • අවම ප්‍රමාණ සීමාවන් වන්නේ,

අවම දිග                                             : 140 mm
අවම පළල                                          : 90 mm

දිග, හතරැස්, ශක්තිමත් කාඩ්බෝඩ් නිෂ්පාදිතයක් සඳහා නම්, අවම ප්‍රමාණ සීමාව වන්නේ,

යාබද පැති දෙකෙහි දිගවල එකතුව          : 160 mm
අඩුම දිග සහිත පැත්තේ දිග           : 40 mm

  • උපරිම බර 2kg
නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද මුද්‍රිත ද්‍රව්‍ය
  • නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද මුද්‍රිත ද්‍රව්‍ය සඳහා යවන්නා සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම සිදු කරනු ලැබේ. කෙසේනමුත්, යවන්නා සම්බන්ධ කර ගැනීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ නම් ගුවන් තැපැල් මඟින් යැවීම සඳහා ලබා දෙන ලද මුද්‍රිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ..
    • ගුවන් තැපැල් ගාස්තුව ගෙවා නොමැති නම්, අයිතමය මුහුදු තැපෑල මඟින් යවනු ලබන අතර මුහුදු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
    • ගුවන් තැපැල් ගාස්තුවෙන් කොටසක් ගෙවා ඇත්නම් සහ එසේ ගෙවන ලද ගාස්තුව ගුවන් තැපැල් ගාස්තුවෙන් 75%කට නොඅඩු වේ නම්, එම අයිතමය මුහුදු තැපැල් මඟින් යවනු ලබන අතර ගුවන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
    • ගුවන් තැපැල් ගාස්තුවෙන් කොටසක් ගෙවා ඇත්නම් සහ එසේ ගෙවන ලද ගාස්තුව තැපැල් ගාස්තුවෙන් 75%කට වඩා අඩු වේ නම්, එම අයිතමය මුහුදු තැපැල් මඟින් යවනු ලබන අතර මුහුදු තැපැල් ගාස්තුවෙහි අඩුවෙන් ගෙවන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක ගාස්තුවක් ලිපි හිමියාගෙන් අය කරනු ලැබේ.
  • ඉහත අවස්ථා වලදී නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද ලිපි මත අය කරන අවම අධිභාරය රට අනුව වෙනස් වන අතර ශ්‍රී ලංකාවේ නම් එය රු. 160/-කි.
  • යවන්නාට නිවැරදි කළ නොහැකි මුහුදු තැපැල් මඟින් යැවීම සඳහා ලබා දුන් මුද්‍රිත ද්‍රව්‍ය සඳහා අවම තැපැල් ගාස්තුව හෝ ගාස්තුවෙහි හිඟ මුදල අනුව අධිභාරයක් අය කරනු ලැබේ.
විශේෂ විධිවිධාන
  • රහස් භාෂාවකින් ලියා ඇති හෝ මුද්‍රණය කිරීමෙන් පසු වෙනස් කර ඇති හෝ මුද්‍රිත ද්‍රව්‍ය මේ යටතේ යැවිය නොහැක.
  • කෙසේනමුත්, මුද්‍රණයෙන් පසු පහත සඳහන් සටහන් අතින් හෝ යන්ත්‍රානුසාරයෙන් මුද්‍රිත ද්‍රව්‍ය යේ ඇතුළත හෝ පිටතට එකතු කළ හැකිය.
    • යවන්නාගේ සහ ලබන්නාගේ නම් සහ ලිපිනයන්, වෘත්තීන් හෝ තනතුරු, නාම, යවන දිනය, අත්සන, දුරකතන අංක, ‘පිළිතුරු’සටහන්, තැපැල් හෝ බැංකු ගිණුම් අංක, අනුක්‍රමික අංක, හඳුනාගැනීමේ අංක වැනි
    • මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම්
    • ගුවන් යානා හෝ නැව්වල පැමිණීමේ සහ පිටත් වීමේ වේලාවන්, දින, වරායන් වැනි
    • ගමන් කරන්නන්ගේ නම්, ගමන් කරන දින, නතරවන ස්ථාන වැනි
    • පොත් වල මිල ගණන්, ගෙවීම් ක්‍රම වැනි
    • කාඩ්පත් මඟින් සුභ පැතීම්, ශෝක පණිවිඩ වැනි
    • සිතියම් වලදී භාවිතා වන විශේෂ වර්ණ, කලා කෘති සඳහා පිළිගැන්වීම් වැනි
  • ආපසු එවීම සඳහා යවන්නාගේ ලිපිනය ලියන ලද කාඩ්පතක් හෝ කවරයක් හෝ ඔතන කඩදාසියක් සහිතව සහ ආපසු එවීමේ තැපැල් ගාස්තු වශයෙන් ගමනාන්ත රටෙහි තැපැල් මුද්දර සහිතව, මුුද්‍රිත ද්‍රව්‍ය යැවිය යුතුය.
  • වර්තමානයට අදාළ වන පෞද්ගලික ලියවිලි ආකාරයේ ලිපි හෝ සටහන් මුද්‍රිත ද්‍රව්‍ය තුළ ඇතුළත් නොකළ යුතුය
  • පහසුවෙන් ඉවත් කිරීමට සහ නැවත ඇමිණීමට හැකි වන ආකාරයෙන්, කවරයක් රහිතව හෝ මුද්‍රා නොතබන ලද කවරයක බහා හෝ අනතුරුදායක නොවන ඇමුණුම් කටු සමඟ හෝ ඒවා තැපැල් කළ යුතුය. මේ සඳහා විකල්පයක් ලෙස මේවා පහසුවෙන් ඉවත් කළ හැකි නූල් වලින් බැඳ හෝ එක් කෙළවරක් හෝ කෙළවර දෙකක් සහිත විවෘත කවරයකින් එතිය යුතුය.
  • හැඩයෙන් කාඩ්පතක් ආකාරයේ මුද්‍රිත ද්‍රව්‍ය රිබන් හෝ කවරයක් හෝ කිසියම් ඇමුණුමක් හෝ ආවරණයක් රහිතව යැවිය යුතුය. දිග නොහැරෙන පරිදි අඩක් නැවූ කඩදාසි ද මේ ආකාරයෙන් යැවිය හැකිය.
  • සෑමවිටම මෙම ද්‍රව්‍ය තුළට අනෙකුත් භාණ්ඩ ඇතුව නොවන ආකාරයෙන් සකස් කල යුතුය.
  • මුද්‍රිත ද්‍රව්‍යයන් හි ඉහල වම් කෙළවරේ ‘මුද්‍රිත ද්‍රව්‍ය’ ලෙස පැහැදිලිව සළකුණු කළ යුතුය.
ව්‍යවස්ථා සහ තහනම් කිරීම් වලට පටහැනි මුද්‍රිත ද්‍රව්‍ය
  • විවෘතව ඇසුරුම්කරණය නොකිරීම, විවෘත පාර්සල් මඟින් යැවිය නොහැකි ද්‍රව්‍ය අඩංගු වීම හෝ ප්‍රමාණය සහ/හෝ බර සීමාවන් ඉක්මවා යාම වැනි හේතුන් මත මෙවැනි භාණ්ඩ යවනු නොලැබේ.
  • මේවා යවන්නා වෙත අපසු යැවීම හෝ යවන්නා සඳහන් කර නොමැති නම් නිෂ්කාශනය සඳහා ආපසු යවන ලිපි කාර්යාලය (RLO) වෙත ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search