මුද්‍රිත පත්‍රිකා හා විවෘත පැකට්ටු
මුද්‍රිත පත්‍රිකා හා විවෘත පැකට්ටු සාධාරණ මිලකට යැවීමට
- මෙම ආකාරයෙන් තැපැල් කරන ලද භාණ්ඩ ඕනෑම අවස්ථාවකදී තැපැල් කාර්යාලය විසින් පරීක්ෂාවට ලක් කළ හැක.
- මේවා කවරයක් රහිතව හෝ මුද්‍රා නොතබන ලද කවරයක බහා යැවිය යුතු අතර කිසිදු මුද්‍රාවක් කැඩීමෙන්, කිසිදු කඩදාසියක් ඉරීමෙන් හෝ කිසිදු අලවන ද්‍රව්‍යක් ඉවත් කිරීමෙන් තොරව ඒවා පරීක්ෂා කිරීම සඳහා පහසුවෙන් ඉවත් කිරීමට හැකි වන පරිදි සූදානම් කළ යුතුය.
- උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
- උපරිම දිග – මි.මි 610
- උපරිම පළල -මි.මි 300
- උපරිම ගණකම/ගැඹුර මි.මි 300
- එය රෝලක් නම්, උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
- උපරිම දිග -මි.මි 760
- උපරිම පළල -මි.මි 100
- එය කාඩ්පතක් නම්, අවම ප්‍රමාණ සීමාවන් වන්නේ,
- අවම දිග – මි.මි100
- අවම පළල – මි.මි 70
- උපරිම බර කි.ග්රෑ.2
ගාස්තු:
- අවම ගාස්තුව රු.30.00කි.(ග්රෑ.30 බර භාණ්ඩයක් සඳහා)
- භාණ්ඩයෙහි තැපැල් ගාස්තුව පූර්වයෙන් ගෙවා නොමැති නම් භාණ්ඩය ලිපි හිමියා වෙත භාර දීමට පෙර අධිභාරයක් අය කරනු ලැබේ. අධිභාරය ගෙවිය යුතු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයකි.අවම අධිභාරය රු.25.00ක් වේ.
