මුල්ගල තැබීම-බළපිටිය තැපැල් කාර්යාලය









රුපියල් මිලියන 12.21 ක මුදලක් වෙන් කර බලපිටිය නව තැපැල් කාර්යාලයට මුල් ගල තබයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පලමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් වන බලපිටිය තැපැල් කාර්යාලය මෙතෙක් කුලී පදනම මත පවත්වාගෙන ගිය අතර ඒ වෙනුවට නව තැපැල් කාර්යාලයක් ඉදි කිරීමට මිලියන 12.21 ක මුදලක් පසුගිය අය වැයෙන් වෙන් කරන ලදී.
ඒ අනුව, අද දින මහ සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමාගේ සුරතින් මුල් ගල තබන ලදී.බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය ලබන පවුල් සංඛ්‍යාව 5520 වන අතර රාජ්‍ය ආයතන 48 ක් එම ප්‍රදේශයේ පිහිටා ඇත.
එමෙන්ම හෝටල් සහ කර්මාන්ත ශාලා 120 පමණ පිහිටි නගරයක් වන බලපිටිය ප්‍රදේශයේ ඉදිරියේදී වඩාත් හොඳ සේවාවක් මෙම තැපැල් කාර්යාලය මඟින් ඉටු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සඳහා බලපිටිය අම්බරුක්ඛාරාම මුල මහ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යය අති පූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස මහනායක ස්වාමින් වහන්සේ මූලික කර මහ සංඝරත්නය වැඩම කල අතර, බලපිටිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මංත්‍රීනී නීතිඥ හසාරා ලියනගේ මැතිනිය, බලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අනුරුද්ධ මහවැලි මහතා, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා, නියෝජ්‍ය තැපැල්පති (දකුණු පලාත) රවින්ද්‍ර ගුණරත්න මහතා,
ප්‍රාදේශීය තැපැල් අධිකාරී (ගාල්ල) සඳමාලි සෙනෙවිරත්න මෙනවිය, සහකාර අධිකාරි (ගොඩනැගිලි සහ ඉඩම්) චම්පික පෙරේරා මහතා ඇතුළු දේශපාලන නායකයින්, තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක සහ මාණ්ඩලික නිළධාරින් ගම්වාසින් සහ තැපැල් කාර්යාලයේ සේවක මහත්ම මහත්මින් ඒක්ව සිටියහ.
