රථවාහන දඩ ගෙවීම
රථවාහන දඩ ගෙවීම(On the Spot Fine)
ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වාහන දඩ ගෙවීම් භාර ගැනීම සිදුකරයි. වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා තෝරාගත් තැපැල් කාර්යාල විවෘත වේලාවන් දීර්ඝ කර ඇත.
සැලකිය යුතු කරුණු
- දඩය නිකුත් කළ දිනයද ඇතුලත්ව දින 14ක් ඇතුළත ඔබට නියම දඩ මුදල සහ ශ්‍රී ලංකා තැපැල් විසින් අයකරනු ලබන කොමිස් මුදල තැපැල් කාර්යාලයට ගෙවිය හැක.
- දින 14 ක කාලය අවසන් වුවහොත් දඩය දෙගුණ වේ.
