ශ්‍රී ලංකා තැපැල් කුරියර් සේවාව
තැපැල් දෙපාර්තමේන්තුව විසින් වෙළඳපොල තරඟකාරිත්වයට ගැළපෙන අයුරින් සහ මහජනතාවට දැරිය හැකි අයුරින් භාණ්ඩයක් භාරගත් කාර්යාලය ලිපි බෙදීම් සහිත කාර්යාලයක් නම් එම කාර්යාලයේ බෙදීමේ සීමාව තුළ පැය 24 ක් ඇතුළතද, භාරගත් කාර්යාලයෙන් පිටත පැය 48 ක් ඇතුළතද බෙදීමේ අරමුණෙන් හඳුන්වා දී ඇති වේගවත් බෙදාහැරීමක් සහ සුවිශේෂී අවධානයක් සහිත සේවාවකි.
- පවත දැනගැනීමේ පහසුකම
- නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම
- බෙදූ බවට සහතික වීමේ පහසුකම
- තොග වශයෙන් භාණ්ඩ භාරදෙන්නන්ට බැංකු / මුදල් ඇපකරයක් යටතේ පසුගෙවුම් පහසුකම ලබාදීම. (උදා: උසස් පෙල පන්ති නිබන්ධන)
- තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථා හා ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ / උපදෙස් ලිපි වලින් තහනම් කරන ලද භාණ්ඩ, සම්මත ප්රමාණයන්ට අනුකූල නොවන භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ තැපෑල සඳහා භාරගත හැකිවේ.
- යැවිය හැකි උපරිම බර 40Kg වේ.
තනි භාණ්ඩයක් ලෙස හෝ ලැයිස්තුවක් ආකාරයට තැපැල් / උප තැපැල් කාර්යාල කවුළු වෙත භාරදීමට හැකිවේ
SLPOST COURIER සේවාව ට අදාල ගාස්තු ලේඛණය අනුව ගාස්තු අය කිරීම සිදුකල යුතුය
බර (ග්‍රෑම්) W | ගාස්තුව (රු.) |
0 < W ≤ 250 | 200.00 |
250 <W ≤ 500 | 250.00 |
500 < W ≤ 1000 | 350.00 |
1000 < W ≤ 2000 | 400.00 |
2000 < W ≤ 3000 | 450.00 |
3000 < W ≤ 4000 | 500.00 |
4000 < W ≤ 5000 | 550.00 |
5000 < W ≤ 6000 | 600.00 |
6000 <W ≤ 7000 | 650.00 |
7000 < W ≤ 8000 | 700.00 |
8000 < W ≤ 9000 | 750.00 |
9000 < W ≤ 10000 | 800.00 |
10000 < W ≤ 15000 | 850.00 |
15000 < W ≤ 20000 | 1100.00 |
20000 < W ≤ 25000 | 1600.00 |
25000 < W ≤ 30000 | 2100.00 |
30000 < W ≤ 35000 | 2600.00 |
35000 < W ≤ 40000 | 3100.00 |
- 40Kg දක්වා අධි බරැති භාණ්ඩද මෙම කුරියර් සේවාව යටතේ භාරගැනීමට හැකියාව ඇති බැවින් භාණ්ඩ භාරගැනීමේදී, හැසිරවීමට හා බෙදාහැරීමට පහසු වන පරිදි තැපැල් කාර්යාල ව්‍යවස්ථාව හා තැපැල් මඟෙහි සඳහන් සම්මත සීමාවන්ව ලට (දිග, පළල, උස) යටත්ව භාරගැනීම සිදු කළ යුතුය.
- පාර්සලයේ අඩංගු ද්‍රව්‍ය සඳහා හානි සිදුවීම හෝ එමගින් අනෙකුත් තැපැල් භාණ්ඩ වලට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ශක්තිමත් පෙට්ටියක , කවරයක ඇසිරීම සිදු කල යුතුය.
- යවන්නාගේ නම ලිපිනය ලිපියේ / පාර්සලයේ වම් පසිනුත්, ලබන්නාගේ නම සහ ලිපිනය දකුණු පසින් සටහන් කල යුතු අතර ලබන්නාගේ ලිපිනය සමග දුරකතන අංකයක් වේ නම් එයද ලබන්නාගේ ලිපිනයට පහලින් සඳන් කල යුතුය.
- තැපැල් භාණ්ඩ වල ගමනාන්ත කාර්යාලය පහසුවෙන් හඳුනාගැනීම සඳහාත් එමගින් ප්‍රමාදයකින් තොරව තැපැල් භාණ්ඩයක් හිමිකරු වෙත භාරදීම සඳහා ලබන්නාගේ ලිපිනයෙහි ගමනාන්ත කාර්යාලයට පහළින් නියමිත තැපැල් සංකේත අංකය අනිවාර්යයෙන්ම සටහන් කිරීම සිදු කළ යුතුය.
- භාණ්ඩ වල ඉහළ වම් කෙළවරේ SLPOST COURIER කූරියර් සේවාව සඳහා වූ බාර්කෝඩ් ලේබලය ඇලවීම සඳහාත් , භාර ගනු ලබන සෑම භාණ්ඩයක් මතට තැබීම සඳහා වූ රබර් මුද්‍රාව සඳහාත් පැහැදිලි වූ ස්ථානයක් තිබිය යුතුය.
- SLPOST COURIER භාණ්ඩයක් භාරගත් තැපැල් / උප තැපැල් කාර්යාලය ලිපි බෙදීම් සහිත කාර්යාලයක් නම් එම කාර්යාලයේ ලිපි බෙදීමේ සීමාව තුළ පැය 24 ක් ඇතුළතද, භාරගත් කාර්යාලයෙන් පිටත කාර්යාලයකදී පැය 48 ක් ඇතුළතද බෙදීම සිදු කරනු ලබයි.
- SLPOST COURIER සේවාව යටතේ භාරගනු ලබන භාණ්ඩ තැපෑලට භාරගත් අවස්ථාවේ සිට හිමිකරු වෙත භාරදෙන අවස්ථාව දක්වා වන තොරතුරු ඒ සඳහාම සකස් කර ඇති මෘදුකාංගයට ඇතුළත් කිරීම කරනු ලබයි.
- ගමනාන්ත කාර්යාලය වෙත ලද 20Kg දක්වා වන භාණ්ඩ තැපැල්කරු / විදුලි පණිවුඩකරු විසින් ලබන්නාගේ ලිපිනය වෙත රැගෙන ගොස් භාර දෙනු ලැබේ. 20Kg ට වැඩි 40Kg දක්වා වන භාණ්ඩ වේ නම් ගමනාන්ත තැපැල් කාර්යාලයට පැමිණ භාරගන්නා ලෙසට භාණ්ඩයේ හිමිකරු දැනුවත් කරනු ලබයි. (මේ සම්බන්ධයෙන් කවුලුවෙන් භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදීම යවන්නා දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ.)
- SLPOST COURIER භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ලබන්නා වෙත භාණ්ඩය භාරදීම සඳහා තෙවරක් උත්සහ කරනු ලබයි.
- බෙදීම් සිදු කිරීම සඳහා තෙවරක් උත්සහ කිරීමෙන් පසුවද බෙදීම සිදු කිරීමට නොහැකිවන SL POST COURIER භාණ්ඩ වල නොබෙදීමට හේතුව පැහැදිලිව සටහන් කර භාණ්ඩය ආපසු හරවා යැවීමට කටයුතු කරනු ලබයි.
- භාණ්ඩ ප්‍රමාද වී භාරදීම / නැතිවීම / හානිවීම සම්බන්ධයෙන් භාණ්ඩය භාරදෙනු ලැබූ කාර්යාලය අමතා තොරතුරු දැනගත හැකිවේ.
- 1950 ක්ෂණික ඇමතුම් අංකය මහින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
