EMS සේවාව (අධිවේගී තැපැල් සේවාව)
EMS සේවාව (අධිවේගී තැපැල් සේවාව)
ලිපිලේඛන සහ වෙළඳ භාණ්ඩ සඳහා වන අධිවේගී තැපැල් සේවාව වන EMS සේවාව යනු හැකි සෑම අවස්ථාවකදීම වේගවත්ම තැපැල් සේවාව ලෙස කටයුතු කරනු ලබන්නායි.
EMS භාණ්ඩ, සියළු තැපැල් හා උප තැපැල් කාර්යාලයන්හිදී භාර ගනු ලැබේ.
* මිල ගණන් බර සහ ගමනාන්ත රට අනුව තීරණය වේ
පවත සේවාව සියළුම රටවල් සඳහා සපයනු ලබයි.
මීට අමතරව, ගමනාන්ත රටෙහි නිල තැපැල් වෙබ් අඩවි මඟින් සපයනු ලබන පවත සේවාවන්ද භාවිතා කළ හැක
ලිපිලේඛන ශක්තිමත් කවරයක බහා එවිය යුතුය. (අවම ප්‍රමාණය A4 ප්‍රමාණය වේ).EMS පාර්සල් ශක්තිමත් හා ඝන කඩදාසි පෙට්ටියක අසුරාලිය යුතුය.
EMS පාර්සල් වල විශාලත්වය
ප්‍රමාණයන් ගමනාන්ත රටෙහි රෙගුලාසි මත රඳා පවතී.
ප්රමාණයන්හි සීමාවන් :පාර්සලයේ විශාල පැත්තේ උපරිම දිග : සෙ.මී.100 හෝ සෙ.මි.150 වනු ඇත.පාර්සලයේ උපරිම දිග ගමනාන්ත රට මත රඳා පවතී. (උපරිම දිග ප්‍රමාණ සඳහා කරුණාකර පහත සඳහන් රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)
පාර්සලයේ උපරිම විශාලත්වය: පාර්සලයේ උපරිම විශාලත්වය = වට ප්‍රමාණය + දිග
පාර්සලයේ උපරිම විශාලත්වය ගමනාන්ත රට මත රඳා පවතී. (උපරිම දිග ප්‍රමාණ සඳහා කරුණාකර පහත සඳහන් රටවල් ලැයිස්තුව පරික්ෂා කරන්න)
රටවල් අනුව තහනම් කරන ලද භාණ්ඩ ලැයිස්තුව ලබා ගැනීම සඳහා කරුණාකර පහත යොමුව භාවිතා කරන්න.
- හැසිරවීමට හා ප්‍රවාහනයට ඔරොත්තු දෙන ආකාරයෙන් සියළු පාර්සල් ශක්තිමත් හා ආරක්ෂිත ලෙස ඇසුරුම් කර ඇති බවට පාරිභෝගිකයන් තහවුරු කර ගත යුතුය. දුර්වල සහ ප්‍රමාණවත් නොවන ආකාරයෙන් ඇසුරුම් කර තිබීම, පාර්සලයට හානි සිදු වීමට හෝ එය භාර නොගැනීමට හේතු වනු ඇත.
ගමනාන්තයෙන් EMS භාණ්ඩයක් ආපසු එවන ලදහොත් (බෙදා හැරීමට නොහැකි වීමෙන් පසු) තැපැල් ගාස්තු ආපසු ලබා දීමට හැකියාවක් නොමැත.
නොබෙදන ලද EMS භාණ්ඩ නැවත එම රට වෙත යැවීමේ අවශ්‍යතාවයක් නොමැති නම්, කරුණාකර CN23 ආකෘති පත්‍රයේ නොබෙදුවේ නම් යන කොටසෙහි අත්හැර දැමූ සේ සලකන්න නැමැති කොටුවෙහි ☑ සළකුණ යොදන්න. (ඇතැම් රටවල් හරවා යැවීමේ ගාස්තුවක් අය කිරීම හේතුවෙන්)
- ශ්‍රී ලංකාවට ලැබෙන සියළුම EMS තැපැල් භාණ්ඩ රේගු නිළධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබේ.
- රේගුවෙන් නිදහස් කරන ලද EMS භාණ්ඩ පාරිභෝගිකයන් වෙත බෙදා දෙනු ලැබේ.
- රේගු පරීක්ෂා සඳහා රඳවා ගන්නා ලද භාණ්ඩ සම්බන්ධයෙන් නිවේදනයක් මඟින් පාරිභෝගිකයන් දැනුවත් කෙරේ.
- කොළඹ EMS මධ්‍යස්ථානය, නුවර, ගාල්ල,යාපනය, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලයන්හිදී රේගු පරීක්ෂාවන් සිදු කරනු ලැබේ
- රේගු පරීක්ෂාවෙන් පසු අඩංගු දෑ සඳහා බදු අය කළ යුතු බවට රේගුව විසින් තීරණය කරයි නම්, රේගු ආකෘති පත්‍රයේ සඳහන් කර ඇති ගාස්තුව ගෙවිය යුතුය.
- ඔබට රේගු පරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණීමට හැකියාවක් නොමැති නම්, අදාළ ආකෘති පත්‍ර සම්පූර්ණ කර හා අත්සන් කර, ආසන්නතම තැපැල් කාර්යාලයට භාණ්ඩ යැවිය හැකි අතර අදාළ ලිපිය යොමු කළ යුතු රේගු පරීක්ෂණ මධ්‍යස්ථානයට යැවීමෙන් පසු අදාළ රේගු ගාස්තු ගෙවා එම තැපැල් කාර්යාලයෙන් භාණ්ඩ ලබා ගත හැකිය.
- EMS මධ්‍යස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව, කොළඹ 01000
දුරකතන : +94-11-2328644, +94-11-244744 - ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, නුවර
දුරකතන : +94-81-2234071 - ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, ගාල්ල
දුරකතන : +94-91-2233221 - ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් කාර්යාලය, ත්‍රිකුණාමලය
දුරකතන : +94-26-2222372 - ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලය, තැපැල් සංකීර්ණය, යාපනය
දුරකතන : +94-21-2222415 - තැපැල් කාර්යාලය, ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක
දුරකතන : +94-11-2252762
ක්ෂණික ඇමතුම් – 1950
EMS මධ්‍යස්ථානය,
මධ්‍යම තැපැල් හුවමාරුව,
කොළඹ 01000,
දුරකතන : +94-11-2320700,2440159 දිගුව:-201
දුරකතන : +94-11-2447844, 2328644
ems.colombo@yahoo.com
as.fgn@slpost.lk
තැපැල් මූලස්ථානය (ජාත්‍යන්තර තැපැල් සේවා අංශය)
011-2328301
info@slpost.lk
