Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

කෑෂ් ඔන් ඩිලිවරි (Cash on Delivery)-COD

මාර්ගගත ව්‍යාපාර සඳහා මුදල් ගෙවීමේ හැකියාව වැඩි දියුණු කිරීමින් ලබන්නා වෙත භාණ්ඩ ලබා දීමෙන් පසු නියමිත මුදල එකතු කර ගනිමින් විකුණුම්කරුවන්ට කඩිනම් මුදල් ගෙවීම් සිදු කිරීම මඟින් විද්‍යුත් වාණිජ්‍යය වඩාත් සුමට හා විශ්වාසදායක කරයි.
ගාස්තු ගණනය කිරීම >>
අයිතමයන් සඳහා පවත විමසිීමට >>
අයදුම්පත භාගත කර ගැනීම සඳහා >>
කෑෂ් ඔන් ඩිලිවරි (Cash on Delivery)-COD සේවාව යනු?

ශ්‍රී ලංකා තැපැල් වටිනාකම අයකර භාරදෙන තැපෑල – SL Post – Cash On Delivery (SLPost COD)
භාණ්ඩ භාරදුන් පසු එහි වටිනාකම තැපැල් භාණ්ඩය යැවූ තැනැත්තා (යවන්නා) වෙත ආපසු ගෙනැවිත් භාරදෙන සේවාවක් ලෙස වටිනාකම අයකර භාරදෙන තැපෑල් සේවාව SL Post – Cash On Delivery (SLPost COD) දැක්විය හැක. දීර්ඝ කාලයක් තිස්සේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් පරිගණක පද්ධති හෝ ක්‍රමවේද රහිතව ක්‍රියාත්මක කළ වටිනාකම ගෙවා භාරගන්නා තැපෑල (Value Payable Post – VPP) සේවාවට සමාන, එහෙත් සම්පූර්ණයෙන් පරිගණක ක්‍රියාදාමයකට නතුකළ සේවාවක් ලෙස SLPost COD සේවාව ක්‍රියාත්මක වේ. මෙම සේවාව 2020-12-15 දින සිට දීපව්‍යාප්ත තැපැල් සහ උප තැපැල් කාර්යාල සියල්ල හරහා මහජනතාව වෙත දායාද කර ඇත.

මෙම සේවාව යටතේ ගණුදෙනුකරුවන්ට ලබා ගත හැකි පහසුකම්?

 

  1. පාර්සලයක් හෝ වෙනත් තැපැල් භාණ්ඩයක්, ලබන්නා වෙතින් මුදල් ගෙවා භාරගැනීමේ පදනම මත ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ලිපිනයක වූ ගැනුම්කරුවෙකු වෙත යැවීමට මෙමඟින් පහසුකම් සපයා ඇත.
  2. ව්‍යාපාරික වශයෙන් භාණ්ඩ යවන විකුණුම්කරුවන්ට සිය අභිප්‍රාය පරිදි ව්‍යාපාරික භාණ්ඩ යැවීමටත් මුදල් ලබාගැනීමටත් SLPost COD සේවාව මඟින් කටයුතු කළ හැක.
  3. භාණ්ඩ බෙදීම සඳහා සහ තැපැල් ක්‍රියාදාමය සම්බන්ධයෙන් පුහුණුව ලත් තැපැල් භාණ්ඩ මෙහෙවන නිලධාරීන්, අධීක්ෂණ සහ අනෙකුත් කාර්ය මණ්ඩය මෙන් ම නිවසට ම බෙදා හැරීම සඳහා පුහුණව ලත් තැපැල්කරු / විදුලි පණිවුඩකරු 7000 කට අධික සංඛ්‍යවක් මඟින් නිවැරදිව භාණ්ඩ බෙදීම් ක්‍රියාදාමය ක්‍රියාත්මක වේ.
  4. භාණ්ඩය ගමනාන්ත කාර්යාලයෙන් ගැණුම්කරු හෝ ලබන්නා වෙත ලැබී, අදාළ මුදල් භාරගෙන, භාණ්ඩය බෙදන ලද තැපැල් කාර්යාලයෙන් එම බෙදීම් දත්ත මෘදුකාංග පද්ධතියට ඇතළත් කළ සැනින් මුදල් ලබා ගැනීමට, භාණ්ඩය යැවූ අයට හෝ විකුණුම්කරුට හැකියාව ඇත.
    • a. අදාළ බාර්කෝඩ් (Barcode) අංකය ලබා දී අනන්‍යතාවය තහවුරු කිරීම මඟින් දිවයිනේ තමන් කැමති ඕනෑ ම තැපැල් / උප තැපැල් කාර්යාලයකින් මුදල් ලබා ගැනීමට භාණ්ඩය යැවූ අයට හැකියාව ඇත.
මෙම සේවාව මඟින් යැවිය හැකි භාණ්ඩ ?

තැපෑල මඟින් යැවීමට තහනම් වන භාණ්ඩ, රක්ෂණය කළ යුතු භාණ්ඩ, තැපෑලෙන් යැවිය හැකි දිග බර ප්‍රමාණ ඉක්මවා ගිය භාණ්ඩ හැර වෙනත් භාණ්ඩ යැවිය හැකිය.

තැපෑලෙන් යැවීමට භාණ්ඩ ලබා දිය හැකි ආකාර ?
  1. තනි භාණ්ඩ ලෙස කවුළුවට භාර දීම
  2. ලැයිස්තුවක් ලෙස කවුළුවට භාර දීම

ව්‍යාපාරික වශයෙන් SLPost COD වෙත භාණ්ඩ භාරදීමට අපේක්ෂිත ගණුදෙනුකරුවන් SLPost COD වෙත ලියාපදිංචි කළ හැක.

COD සේවාව සඳහා ලියාපදිංචි විය හැකි ආකාරය ?
  • ව්‍යාපාරික වශයෙන් SLPost COD වෙත භාණ්ඩ භාරදීමට අපේක්ෂිත ගණුදෙනුකරුවන් SLPost COD වෙත ලියාපදිංචි කළ හැක. ඒ් සඳහා අදාළ අයදුම්පත (ඉහත රතු පාට අයිකනය මත ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය) සපුරා භාණ්ඩ භාරදීමට අපේකෂිත තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති වෙත භාරදිය යුතුය. (ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඔබේ අයදුම්පත සමඟ ඇතුළත් කිරීමට වග බලා ගන්න.)
  • ලියාපදිංචි වන විකුණුම්කරුවන් සඳහා පහත පහසුකම් ලබා දීමට කටයුතු කළ හැක.
    • භාණ්ඩ තමන්ගේ නිවසේ දී හෝ වැඩපොලේ දී ඇසුරුම්කර රැගෙන ඒ්ම සඳහා අවසරය ලබාදීම. (තැපැල් කාර්යායේ දී ඇරසුරුම් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම)
    • පාර්සල් මත Barcode ලේබල් අලවා රැගෙන ඒ්ම සඳහා තැපැල් කරන භාණ්ඩ සංඛ්‍යාවට අනුව ප්‍රමාණවත් Barcode සංඛ්‍යාවක් අදාළ විකුණුම්කරු වෙත භාරදීම.
    • අවශ්‍ය අවස්ථාවල දී සම්බන්ධීකරණය සඳහා භාණඩ භාරදෙන තැපැල් කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධීකරණය සඳහා පහසුකම සැලසීම.
    • අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම්, මෘදුකාංග පද්ධිතයට ඇතුළත්ව දත්ත ඇතුළත් කිරීම සහ තමන් විසින් තැපෑලට භාර‌දුන් SLPost COD සම්බන්ධයෙන් විමසීමට පහසුකම් ඇති පරිශීලක ගිණුමක් තැපැල් ස්ථානාධිපතිගේ නිර්දේශය යටතේ ලබාදීම.
ගාස්තු ගණනය කළ යුතු ආකාරය ?

තැපැල් ගාස්තුව+ මුදල් ඇණවුම් කොමිස් මුදල + සේවා ගාස්තුව = ගෙවිය යුතු මුදල

ඉහත සඳහන් කළ ගෙවිය යුතු මුදලට COD භාණ්ඩ යවන්නාට ගෙවිය යුතු මුදල එකතු කිරීමෙන් පසු, මුළු මුදල පාර්සලයේ සලකුණු කළ යුතුය.

භාණ්ඩ ඇසුරුම් කළ යුතු අකාරය ?
  1. යවන අයිතමයේ ස්වභාවය අනුව ශක්තිමත් කවරයක්, පෙට්ටියක් හෝ සුදුසු පැකේජයක් භාවිතා කළ යුතුය. පොලිතින් ආවරණ භාවිතා කරන්නේ නම්, පෑනකින් සටහන් කළ හැකි කඩදාසියක් ද භාවිතා කළ යුතුය.
  2. තැපෑලෙහි පහසුවෙන් හඳුනා ගැනීම සඳහා, පාර්සලයේ “COD” පැහැදිලිව සඳහන් කළ යුතුය.
  3. භාරදීමේ පහසුව සහ වේගය සඳහා, යවන්නාගේ ලිපිනය වම් පසින් සහ ලබන්නාගේ ලිපිනය දකුණු පසින් ඇතුළත් කළ යුතු අතර, හැකි සෑම විටම, ලබන්නාගේ දුරකථන අංකය ලබන්නාගේ ලිපිනයට පහළින් සඳහන් කළ යුතුය.
  4. තවද, ලිපිනයට පහළින් බෙදා හැරීමේ කාර්යාලයේ තැපැල් කේතය සඳහන් කිරීම ලබන්නාට පාර්සලය ඉක්මනින් ලබා දීමට පහසුකම් සපයයි.
  5. Barcode ලේබලය ඇලවීම සඳහා පාර්සලයේ පැහැදිලි ස්ථානයක් තිබිය යුතුය.
ලබන්නා වෙත භාණ්ඩ බෙදා හැරීම ?
  1. සාමාන්‍ය තත්ත්වයන් යටතේ, COD භාණ්ඩයක් භාරගෙන දින 03 ක් ඇතුළත දිවයිනේ ඕනෑ ම ගමනාන්තයක් වෙත ලැබෙන අතර ඒ් අනුව බෙදීම සිදු කරනු ලබයි. එනම්, භාණ්ඩය තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදී දින තුනක් ඇතුළත මුදල් ලබා ගැනීමේ අවස්ථාව භාණ්ඩය යැවූ අයට හෝ විකුණුම්කරුට උදාවනු ඇත.
    • ඇතැම් තත්ත්වයන් යටතේ මෙම කාලය යම් ප්‍රමාණයකින් අඩු වීමට හෝ වැඩි වීමට හෝ ඉඩ ඇත.
  2. මෙම සේවව යටතේ භාරගන්නා සෑම භාණ්ඩයක් ම ඒ් සඳහා සකස් කළ මෘදුකාංගයකට ඇතුළත් කරන අතර බෙදීම් කාර්යාලයේ දී ලැබීම සහ බෙදාහැරීම ආදී සියළු කරුණු මෘදුකාංග ගත කෙරේ.
  3. භාණ්ඩය ගමනාන්ත කාර්යාලයට ලැබුණ පසු තැපැල්කරු / විදුලි පණිවුඩකරු මඟින් භාණ්ඩය නිවසටම රැගෙනගොස් භාරදෙනු ඇත.
    • a. යම් හෙයකින් එම අවස්ථාවේ දී භාණ්ඩය භාරදීමට නොහැකි වුව හොත් ඊළඟ දිනයේ දී ද වශයෙන් අවස්ථා 03ක් නිවසටම ගොස් භාණ්ඩය භාරදීමට උත්සාහ කරනු ඇත.
    • b. එසේ භාණ්ඩය භාරදීමට අපොහොසත් වුව හොත් තැපැල් කාර්යාලයට පැමිණ භාරගන්නා ලෙස කරනු ලබන දැන්වීමක් භාණ්ඩය භාරදෙන ලිපිනයේ අයවළුන් වෙත භාරදීමට හෝ නිවසේ ලියුම් පෙට්ටියක් ඇත්නම් ඒ තුළ බහාලීමට හෝ කටයුතු කරනු ඇත.
    • c. ලබන්නාගේ දුරකථන අංකය භාණ්ඩයේ සටහන් කර ඇතිනම්, භාණ්ඩය රැගෙන පැමිණෙන බවට දුරකථනයෙන් දැනුම් දීමට ද තැපැල් කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත.
    • d. බෙදීමට උත්සාහ කර භාරදීමට අපොහොසත් වන භාණ්ඩයක්, ගමනාන්තයට ලැබී දින 05 කාලයක් ගමනාන්ත කාර්යාලයේ රඳවා තබාගැනීමට කටයුතු කරනු ඇත.
    • e. එහෙත්, තවදුරටත් භාණ්ඩය භාර නොගන්නේ නම්, භාණ්ඩයේ ආපසු ලිපිනය වෙත එකී භාණ්ඩය ආපසු හරවා යවනු ඇත.
    • f. තවදුරටත් භාණ්ඩය රඳවාගැනීම අවශ්‍ය යැයි ලබන්නා ඉල්ලුම් කරන්නේ නම් පමණක් දිනකට අදාළ ගුදම් ගාස්තු මුද්දරවලින් ගෙවා භාණ්ඩය තැපැල් කාර්යාලයේ රඳවා ගැනීමට කටයුතු කරනු ඇත
  4. මෙම සේවාව සඳහා භාරදෙන ලද භාණ්ඩයක් පිළිබඳ පවත විමසීමට https://bepost.lk/p/Search/ වෙබ් පදනම් මෘදුකාංග විසඳුම යටතේ පහසුකම් සලසා ඇත.
යවන්නාට මුදල් ලබා ගත හැකි ආකාරය ?
  1. භාණ්ඩය ගමනාන්ත කාර්යාලයෙන් ගැණුම්කරු හෝ ලබන්නා වෙත ලැබී, අදාළ මුදල් භාරගෙන, භාණ්ඩය බෙදන ලද තැපැල් කාර්යාලයෙන් එම බෙදීම් දත්ත මෘදුකාංග පද්ධතියට ඇතළත් කළ සැනින් මුදල් ලබා ගැනීමට, භාණ්ඩය යැවූ අයට හෝ විකුණුම්කරුට හැකියාව ඇත.
  2. අදාළ බාර්කෝඩ් (Barcode) අංකය ලබා දී අනන්‍යතාවය තහවුරු කිරීම මඟින් දිවයිනේ තමන් කැමති ඕනෑ ම තැපැල් / උප තැපැල් කාර්යාලයකින් මුදල් ලබා ගැනීමට භාණ්ඩය යැවූ අයට හැකියාව ඇත.
සේවාව පිළිබඳ පැමිණිලි/ඉල්ලීමි කළ යුතු ආකාරය?
  1. භාණ්ඩ ප්‍රමාද වී භාරදීම?
    භාණ්ඩය භාර දෙන ලද තැපැල් කාර්යාලය අමතන්න තැපැල් කාර්යාල සම්බන්ධතා තොරතුරු සොයා ගැනීමට මෙතන ක්ලික් කරන්න
  2. භාණ්ඩ නැතිවීම/හානිවීම?
    භාණ්ඩය භාර දෙන ලද තැපැල් කාර්යාලය අමතන්න තැපැල් කාර්යාල සම්බන්ධතා තොරතුරු සොයා ගැනීමට මෙතන ක්ලික් කරන්න
  3. මුදල් ගෙවීමට ප්‍රමාද වීම ?

    භාණ්ඩය භාර දෙන ලද තැපැල් කාර්යාලය අමතන්න තැපැල් කාර්යාල සම්බන්ධතා තොරතුරු සොයා ගැනීමට මෙතන ක්ලික් කරන්න හෝ තැපැල් කාර්යාලය නියමිත වේලාවට ගෙවීම් සිදු නොකරන්නේ නම්, කරුණාකර පහත සඳහන් අය අමතන්න
    • අලෙවිකරණ සහ පර්යේෂණ අංශය – 011 2695372/supdt.mkt@slpost.lk
    • තොරතුරු තාක්ෂණ අංශය – 011 2330072/ebtm@slpost.lk
  4. භාණ්ඩය ගුණාත්මක බවින් තොර වීම ?
    කරුණාකර භාණ්ඩය එවන්නා අමතන්න
  5. යවන්නාට ගෙවිය යුතු මුදල් අත්හිටුවීම සඳහා ?යවන්නා විසින් නොමඟ යැවීමක් හෝ ඉල්ලුම් කරන ලද භාණ්ඩය වෙනුවට වෙනත් දෙයක් ලැබුනේ නම්, කරුණාකර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර එහි පිටපතක් තැපැල් ස්ථානාධිපති වෙත ඉදිරිපත් කිරීම මඟින් භාණ්ඩය එවන ලද අයට සිදු කළ යුතු ගෙවීම නතර කළ හැකිය.
    සටහන:- ශි ලංකා තැපැල් ඔබේ කුරියර් සහකරු පමණි
  6. තාක්ෂණික ගැටළු ?
    තොරතුරු තාක්ෂණ අංශය වෙත යොමු කරන්න් – 011 2330072/ebtm@slpost.lk
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search